Friday, February 12, 2021

ලොව හොදම බැටරි ලංකාවේ හදන්න පුලුවන්


ලෝකයේ ඉහ­ළම ගුණා­ත්ම­ක­භා­ව­යෙන් යුත් දේශීය මිනි­රන් භාවිත කර නවීන බැටරි වර්ග නිෂ්පා­ද­නය කරන රජයේ සමා­ග­මක් ඇති­කි­රී­මට කඩි­න­මින් අවශ්‍ය පිය­වර ගන්නා ලෙස ආර්ථික පුන­ර්ජී­ව­නය හා දරි­ද්‍ර­තාව තුර­න් කි­රීම සඳහා වන ජනා

ධි­පති කාර්යසාධන බළ­කායේ සභා­පති බැසිල් රාජ­පක්ෂ මහතා පව­සයි.

අර­ලි­ය­ගහ මන්දි­රයේ පසු­ගි­යදා (9) පැවති සාක­ච්ඡා­ව­කදී ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

නිපු­ණතා සංව­ර්ධන, වෘත්තිය අධ්‍යා­පන, පර්යේ­ෂණ හා නව නිපැ­යුම් රාජ්‍ය අමා­ත්‍යං­ශයේ මූලි­ක­ත්ව­යෙන් සිදු­ කළ පර්යේ­ෂ­ණ­වල ප්‍රති­ඵ­ල­යක් ලෙස ජාතික මූලික අධ්‍ය­යන ආය­ත­නය නවීන බැටරි වැනි නිෂ්පා­දන සඳහා දේශිය මිනි­රන් භාවිතා කිරීමේ හැකි­යාව අනා­ව­ර­ණය කර­ගෙන ඇත. දේශිය මිනි­රන් (ග්‍රැෆ­යිට්) සඳහා අගය එකතු කිරී­මෙන් ඉහළ පාරි­ශු­ද්ධ­තා­ව­කින් සහ ඉහළ විදුලි ධාරි­තා­වක් ගබඩා කර තබා ගැනීමේ හැකි­යාව ඇති 'ග්‍රැෆීන්' නිෂ්පා­ද­නය දැන­ට­මත් SINTEC ආය­ත­නය විසින් සිදු­ක­රනු ලබයි.

ලෝකයේ වෙනත් රට­වල නිෂ්පා­ද­නය කරන ලිති­යම් අයන් බැට­රි­ව­ලට (Lithium-ion Battery) වඩා ඉහළ විදුලි ධාරි­තා­වක් සහිත බැටරි නිෂ්පා­ද­න­යෙන් ලෝක වෙළෙ­ඳ­පොළේ වැඩි ආක­ර්ශ­න­යක් ලබා­ගැ­නීමේ හැකි­යාව ඇත. මේ සඳහා වූ වෙනම රාජ්‍ය සමා­ග­මක් පිහි­ටු­වී­මට මේ සාක­ච්ඡා­වේදී තීර­ණය කළ අතර, සමා­ගම පිහි­ටු­වී­මට අවශ්‍ය ප්‍රාග්ධ­නය රාජ්‍ය ආය­තන හා රජයේ අර­මු­ද­ල්ව­ලින් ආයෝ­ජ­නය කිරී­මට යෝජනා විය. මෙසේ බිහි­ ක­රන සමා­ගම් ලාභ ලබන තත්ත්ව­යට පත්කර ඉතා ඉහළ මිල­කට අවශ්‍ය නම් දේශීය ආයෝ­ජ­ක­යන්ට පවරා දී එම­ගින් ඉහළ ආදා­ය­මක් රජ­යට ලබා­ගැ­නී­මට ඇති හැකි­යාව පිළි­බ­ඳ­වත්, මෙහිදී සාකච්ඡා විය.

තවද, ලෝකයේ බැටරි නිෂ්පා­ද­නය කරන කීර්ති­නා­මය දිනා­ගෙන ඇති සමා­ග­ම­කට කොටස් අලෙවි කර ඔවුන්ගේ වෙළෙ­ඳ­නා­මය භාවිතා කර ලෝකයේ බැටරි වෙළෙ­ඳ­පොළ ආක­ර්ශ­නය කර­ගැ­නීමේ හැකි­යාව පිළි­බ­ඳව ද අව­ධා­නය යොමු විය.

නව උත්පා­දන හඳුන්වා දෙමින් නිෂ්පා­දන අව­ශ්‍ය­තාව සැල­සුම් කිරීමේ දී මුලික අධ්‍ය­යන ආය­ත­නය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආය­ත­නය, විශ්ව විද්‍යාල, භූ විද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශය යනාදී ආය­ත­න­යන්හි පව­තින තාක්ෂ­ණය හා මානව හා භෞතික සම්පත් යොදා ගනි­මින් ඒක­බ­ද්ධව ක්‍රියා කරන ලෙසද බැසිල් රාජ­පක්ෂ මහතා මෙහිදී වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් වන විශේ­ෂඥ වෛද්‍ය සීතා අර­ඹේ­පොළ මහ­ත්මිය ද, තාරක බාල­සූ­රිය මහතා ද, රාජ්‍ය සහ පෞද්ග­ලික අංශයේ නිල­ධා­රීහු රැසක් ද මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

No comments:

Post a Comment