Sunday, March 14, 2021

රජගල පුරාවිද්‍යා ශික්ෂණ මධ්‍යස්ථානයක්


රිදී විහා­ර­යත් රජ­ග­ලත් පුරා විද්‍යා ශික්ෂණ මධ්‍ය­ෂ්ථාන ලෙස නම් කළ බැව රාජ්‍ය ඇමැති විදුර වික්‍ර­ම­ණා­යක මහතා පැව­සීය

මේ බව අනා­ව­ර­ණය වූයේ පෙරේදා (8) බත්ත­ර­මුල්ල ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රව­ර්ධන කට­යුතු රාජ්‍ය අමා­ත්‍යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­ව­ක­දීය.


ලංකාව පුරා තිබෙන සියලු පුරා විද්‍යා ස්ථාන ඩ්‍රෝන කැමරා මඟින් නිරී­ක්ෂ­ණය කර ඒවා සිති­යම් ගත කිරී­මට කට­යුතු කරන බවද පුරා විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය අනුර මන­තුංග මහතා මෙහිදී පැව­සීය.

නීල­ගිරි ස්ථූපයේ සංර­ක්ෂණ කට­යුතු පුරා විද්‍යා­ත්මක ක්‍රම­වේ­ද­ව­ලට සිදු කිරීම පිළි­බඳ සහ දීඝ­වා­පිය සහ මිහිදු මහ සෑය ස්ථාන බෞද්ධ­යන්ට වැදුම් පිදුම් කිරී­මට හැකි පරිදී කඩි­න­මින් ප්‍රති­සං­ස්ක­ර­ණය කරන බව පැවසූ අනුර මන­තුංග මහතා පුරා විද්‍යා පනත සංශෝ­ධන කිරීමේ මුල් කෙටු­ම්පත පුරා විද්‍යා උප­දේ­ශන කමි­ටු­වට ඉදි­රි­පත් කළ බවද, එය අදාළ පාර්ශ්ව­යන්ගේ සහ මහ­ජන අද­හස් සඳහා ඉදි­රි­පත් කර සියලු දෙනාගේ අද­හස් එක­තු­වෙන් නව පුරා විද්‍යා පන­තක් ගෙන එන බවත් පුරා විද්‍යා භූමි නිශ්ශබ්ද කලාප බවට පත් කිරී­මට කට­යුතු කරන බවත් ප්‍රකාශ කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මහා­චා­ර්ය­ව­රයා-

මෙරට පුරා විද්‍යාව සම්බ­න්ධ­යෙන් අද දිනය ඉතා වැද­ගත්. පුරා විද්‍යා උප­දේ­ශක කමි­ටුවේ රැස්වීම මේ වර්ෂයේ මුල්ව­රට පැවැ­ත්වූවා. මෙහිදී පුරා විද්‍යාව සම්බ­න්ධ­යෙන් වැද­ගත් තීරණ රැසක් ගනු­ලැ­බුවා. ඒ අනුව මෙරට පුරා විද්‍යාව නව මාව­ත­කට යොමු කිරී­මට හැකි­බව අපට පෙනී ගියා.

මෙහිදී අප ගත් වැද­ගත් තීර­ණ­යක් තමයි, මෙරට පූරා විද්‍යා ස්ථාන කීප­යක් ශික්ෂණ ස්ථාන වශ­යෙන් නම් කිරී­මට තීර­ණය කිරීම. ශික්ෂණ රෝහල් තිබෙ­නවා. වෛද්‍ය විද්‍යා­ලයේ ශිෂ්‍ය­යන්ට ඒවා තුළින් පුහුණු විය හැකියි. මෙම ශික්ෂණ පුරා විද්‍යා ස්ථාන පුරා විද්‍යාව හදා­රණ ශිෂ්‍ය­යන්ට පුහුණු මධ්‍ය­ෂ්ථාන, ස්ථාන වශ­යෙන් භාවිතා කළ හැකියි. මේ සඳහා රිදී විහා­ර­යත්, රජ­ග­ලත් නම් කර­නවා පුරා විද්‍යා ශික්ෂණ මධ්‍ය­ෂ්ථාන ලෙස. පුරා විද්‍යා කැනීම් කිරී­මට, සංර­ක්ෂ­ණය කිරී­මට වෙනත් කට­යුතු සඳහා තවත් ස්ථාන කීප­යක් නම් කිරී­මට අප බලා­පො­රොත්තු වෙනවා. ඒ වගේම සම­හර ස්ථාන­වල කට­යුතු විශ්ව විද්‍යා­ල­ව­ල­ටත්, ඇතැම් පාසල් වල­ටත් පැව­රී­මට බලා­පො­රොත්තු වෙනවා.

පුරා විද්‍යා උරු­මය පිළි­බ­ඳව පාසල් දරු­වන් හඳුනා ගත යුතුයි. පිරි­වෙ­න්ව­ලින් පුරා විද්‍යා බැහැර නොවිය යුතුයි. මෙම සියලු කණ්ඩා­යම් සමඟ එකතු වී පුරා විද්‍යා කට­යුතු කිරී­මට අප බලා­පො­රොත්තු වනවා. පුරා විද්‍යා ස්ථාන සංර­ක්ෂ­ණය කිරී­මේදී කැනීම් කිරී­මේදී නඩත්තු කිරී­මේදී පාල­නය කිරී­මේදී ඒ ස්ථාන සම්බ­න්ධ­යෙන් බෞද්ධ භික්ෂූන් වහ­න්සේ­ලාගේ උප­දෙස් ලබා ගැනී­මට සහ අනෙ­කුත් ආග­මික නාය­ක­යන්ගේ අව­වාද, අනු­ශා­සනා ලබා ගැනී­මට අප තීර­ණය කර තිබෙ­නවා.

දැනට සිදු­ක­රණ පුරා විද්‍යා කැනීම් සහ සංර­ක්ෂණ කට­යුතු පිළි­බඳ පුරා විද්‍යා උප­දේ­ශක කමි­ටුවේ දී සමා­ලෝ­ච­න­යක් කළා. ඒ සම්බ­න්ධ­යෙන් කමි­ටුවේ උප­දෙස් ලැබුණා. ඒ වගේම මෙම කමි­ටු­වේදී ගත් තවත් වැද­ගත් තීර­ණ­යක් තමයි, ලංකාව පුරා තිබෙන සියලු පුරා විද්‍යා ස්ථාන ඩ්‍රෝන කැමරා මඟින් නිරී­ක්ෂ­ණය කර ඒවා සිති­යම් ගත කිරී­මට තීර­ණය කිරීම. මේ සඳහා සබ­ර­ගමු විශ්ව­වි­ද්‍යා­ලයේ මිනුම් දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­යෝ­ගය ලබා ගැනී­මට සාකච්ඡා කළා. ඉතා­මත්ම සුවි­ශේෂී ස්ථූප­යක් වන නීල­ගිරි ස්ථූපය පුරා විද්‍යා­ත්මක ක්‍රම­වේ­ද­ව­ලට අනුව සංර­ක්ෂ­ණය කිරී­ම­ටත් තීර­ණය කළා. දීඝ­වා­පිය සහ මිහිදු මහ සෑය ස්ථාන බෞද්ධ­යන්ට වැදුම් පිදුම් කිරී­මට හැකි පරිදී ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීමේ කට­යුතු ඉක්ම­නින් සිදු කිරී­ම­ටත් තීර­ණය කළා. පුරා විද්‍යා පනත සංශෝ­ධන කිරීමේ මුල් කෙටු­ම්පත අද ඉදි­රි­පත් කළා. මෙම කෙටු­ම්පත පුරා විද්‍යා උප­දේ­ශක සභාවේ විම­ර්ශ­න­යට ලක් කළා. එය ලබන සති­යේදී බෞද්ධ උප­දේ­ශක කමි­ටු­වට සහ මහ­ජන අද­හස් සඳහා ඉදි­රි­පත් කර­නවා. සියලු දෙනාගේ අද­හස් එකතු කර­ගෙන නව පුරා විද්‍යා පන­තක් ගෙන එනවා. ඒ වගේම පුරා විද්‍යා භූමි නිශ්ශබ්ද කලාප බවට පත් කර­නවා. මෙවිට කෑ ගැසී­මට, රැස්වීම් පැවැ­ත්වී­මට නොහැ­කියි. ඒ තුළින් එම ස්ථාන­වල ගෞර­ව­නීය භාවය රැකිය හැකියි. පුරා විද්‍යා ස්ථාන කැළි­ක­ස­ළ‍ව­ලින් තොරව පව­ත්වා­ගෙන යනවා.

රාජ්‍ය ඇමැති විදුර වික්‍ර­ම­නා­යක මහතා මෙම අව­ස්ථා­වට සහ­භාගී වෙමින් මාධ්‍ය­යක පළ වූ වාර්තා­වක් සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ කළේ, ආය­ත­න­යක් කඩා වැටු­ණාට පසුව ඒ ගැන කතා­බහ කිරී­මට වඩා ආය­තන රැක ගැනී­මට ක්‍රියා කළ යුතු බවයි. සුදු­සු­කම් නොමැති නිල­ධා­රීන් ආය­ත­න­වල තන­තු­රු­ව­ලට පත් කිරීම කිසි­වි­ටෙක තමන් අනු­මත නොක­රන බව කී රාජ්‍ය ඇමැ­ති­ව­රයා පුරා විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ වැඩ පිළි­වෙළ නව මුහු­ණු­ව­ර­කින් ඉදි­රි­යේදී ක්‍රියා­ත්මක කරන බවත්, රටේ ජන­තාව පුරා විද්‍යා විෂ­යට සම්බ­න්ධ­කර ගනි­මින් කට­යුතු කරන බවත් පැව­සීය. විශ්ව­වි­ද්‍යාල සහ පාසල් දරු­වන් ඒ සඳහා එක් කර ගන්නා බවද විදුර වික්‍ර­ම­නා­යක මහතා කීවේය.

No comments:

Post a Comment