Sunday, March 14, 2021

රටපුරා මාල හොරු අවධානයෙන් ඉන්න


මේ වන විට දිව­යින පුරා රන් මාල කඩා ගැනීමේ වැඩි ප්‍රව­ණ­තා­ව­යක් දක්නට ඇති බැවින් ඒ ගැන වඩා සැල­කි­ල්ලෙන් පසු­වන ලෙස පොලි­සිය අව­ධා­ර­ණය කළේය.

හබ­රා­දූව, කටු­නා­යක, සහ ගෝම­ර­න්ක­ඩ­වල යන ප්‍රදේ­ශ­ව­ලින් ඊයේ (10) උදෑ­සන 6.00න් අව­සන් වූ පැය 24 තුළ මෙසේ මාල කැඩීම් රැසක් සිදුව ඇතැයි පොලි­සි­යට වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැව­සීය.


කටු­නා­යක ප්‍රදේ­ශයේ ස්ථාන­ය­කට පැමිණි පිරි­සක් තමුන් පොලිස් නිල­ධා­රීන් බව පවසා රන් මාල­යක් කොල්ලකා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා කියා සිටි­යේය.

ගෝම­ර­න්ක­ඩ­වල ප්‍රදේ­ශයේදී එක් පුද්ග­ල­යකු අයිස් පැක­ට්ටු­වක් මිල දී ගන්නා මුවා­වෙන් පැමිණ රන් මාල­යක් කොල්ල කා පලා ගොස් ඇත.

කොල්ල­ක­රු­වන් විවිධ උප­ක්‍රම මෙම රන් මාල කඩා ගැනීම් සඳහා භාවිත කරන අතර, යතුරු පැදි අලු­ත්වැ­ඩියා කරන මුවා­වෙන් නවතා තබා­ගෙන සිට මංකොල්ල කෑම, බස් නැව­තු­ම්පො­ළ­ව­ලදී මෙන්ම ලිපි­න­යන් අසන මුවා­වෙන් හෝ පොලිස් නිල­ධා­රීන් මුවා­වෙන් පැමිණ මෙම කොල්ල­කෑම් සිදු කරන බවත්, මේ සඳහා වැඩි­පු­රම වින්දි­ත­යන් වී ඇත්තේ කාන්තා­වන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා කියා සිටි­යේය.

මේ හේතු­වෙන් සෑම විටම මෙම කොල්ල­කෑම් වළක්වා ගැනී­මට පිය­වර ගන්නා ලෙස ද දැඩි අව­ධා­න­යෙන් හා විම­සි­ල්ලෙන් පසු­වන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා අව­ධා­ර­ණය කළේය.
දිණමින

No comments:

Post a Comment