මිනිසා වූ කලි සාහිත්‍යමය නිර්මාණ ප්රබන්ධයකි. විචාරශීලී චින්තනය හා පරයන ආත්මාවබෝධය නම් වූ ආකල්පයෙන් පිරිපුන් මනසකින් හෙබි පණ ඇති වස්තුවකි. එහෙත් මිනිසාගේ ඇති බුද්ධි මට්ටම හා සලකා බැලූවිට සොබාදහමේ අපූරු නිර්මාණයකි.
වර්තමානයේ මිනිසා වූ කලී ද්වේශ සහගත සිතුවිලි හා ආතර්මාර්ථකාමිත්වයෙන්, තණ්හාවෙන් හා බොරුවෙන් පිරීගිය මනසකින් හෙබි පුද්ගලයන් බවට පරිවර්තනය වී ඇත. නිතර දෙවේලේ පන්සිල් සුරකින බෞද්ධ රටක් වූ මේ දිවයින ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් විරුදාවලිය ලත් මේ කුඩා දිවයිනට සිදුවී ඇති විපත්තියක මහත. අහෝ! විවිධ නොගැලපෙන යුරෝපීය රටවල්වල පවතින සිරිත් විරිත් ආදිය රැගෙන විත්, ලංකාවේ අහිංසක තරුණ ජීවිත හා කුඩා දරුවන් එයට යොමු කරවා මේ ප්‍රජාවගේ ජීවිත ද ඉන් මාරයාට ගොදුරු කර ඇතැයි මට විටෙක සිතේ. අප රටේ වටිනා සම්පත් සූරාගෙන ගිය විදේශිකයන්ගේ සිරිත් විරිත් අප අනුගමනය කිරීම නිවැරදි ද? ඔවුන් අපට ඉතිරි කර ගිය යහපත් දේ කුමක් ද?
මෙය ද සැබෑ යහපත. කෝ අපේ සංස්කෘතිය? කෝ අපේ ජාතිය, ආගම,, බෞද්ධ දර්ශනය අප හුස්ම ගන්නේ විෂ වායුන්ගේ පිරී ගිය කුරිරු හා දරුණු ගණයේ මිනිසුන් හා විකෘති මනසකින් හෙබි පුද්ගලයන් සිටින ලෝකයක නොවේ ද? එය තමා සැබෑ යථාර්ථය. නමුත් දස දහස් නොමිනිසුන් අතර යහපත් මිනිසුන් ද සිටිය හැකිය. අද පවතින තත්ත්වයට අනුව බොහෝ තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍යයට ගොදුරු වී ඇත.
ඊට අමතරව අප අපේ සංස්කෘතිය, සදාචාරය හා සිරිත් විරිත් අමතක කර ඇත. එනමුත් මෙය තවම අමතක නොකර තම වගකීම නොපිරිහෙළා ඉටු කරන මිනිසුන් මහ පොළොවේ හුස්ම ගන්න බව හා ජීවත් වන බව අමතක නොකරන්න. අප සොබාදහමට කොතරම් හිරිහැර පමුණුවනවා ද? එහෙත් ඒ හිරිහැර නැවත අප දෙසටම වේගයෙන් හා ආ බව ඔබ මොහොතකටවත් සිතුවා ද?
සංවේදී වන අපගේ මනස සොබාදහම වෙනුවෙන් සංවේදී නොවන්නේ මන්ද? මෙය වහා විසඳිය නොහැකි ප්රහේලිකාවකි. මෙය කෙසේ විසඳා අවසන් කරන්නදැයි සිතා ගත නොහැකිය. මෙය මා , ඔබ සතු වගකීමකි.
ඩබ්ලිව්.එම්. සසඳරා සෙව්වන්දි
10 ශ්‍රේණිය - ධර්මපාල
මහා විද්‍යාලය - කොට්ටාව

No comments:
Post a Comment