Wednesday, February 8, 2023

අම්පාර ගුවන් හමුදා භටයින්ගේ දරාගැනීමේ ශක්තිය විහිදුවාලමින් උහන දක්වා පාගමනින්


අම්පාර ගුවන් හමුදා භටයින්ගේ දරාගැනීමේ ශක්තිය විහිදුවාලමින් උහන දක්වා පාගමනින්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව - අම්පාර රෙජිමේන්තු පුහුණු පාසලේ වෘත්තීය පුහුණුව II පාඨමාලාවේ ගුවන් භටයින් පුහුණුවෙන් ලැබූ පන්නරය සහ දරාගැනීමේ ශක්තිය (Endurance March) විදිහා දක්වමින් සිදු කල පා ගමන 2023 පෙබරවාරි 03 වන දින පුහුණු පාසලේ උපදේශකවරුන්ගේ මෙහෙයවීමෙන්  පවත්වන ලදී. 


අම්පාර ගුවන් හමුදා කඳවුරෙන් පා ගමන  ආරම්භ කොට උහන නගරය හරහා ගමන් කර නැවතත් කඳවුර වෙත ගමන් ගත් අතර සම්පූර්ණ මාර්ගයේ දුර කි.මී. 40 කි. තවද, මෙම පාගමන සදහා පුහුණු පාසලේ නිළධාරීන් සහ උපදේශක වරුන්ද සහභාගී වුහ. #galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon 
#Srilanka #Ampara  #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya


No comments:

Post a Comment