Tuesday, March 21, 2023

ජනපති පාර්ලිමේන්තුවේ කල සම්පූර්ණ කථාව..


ජනපති පාර්ලිමේන්තුවේ කල සම්පූර්ණ කථාව..
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීර්ණ මුල්‍ය පහසුකම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටිනවා. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා පිලිබඳ ගිවිසුම ද ජනාධිපතිවරයා විසින්

Friday, March 10, 2023

ඔබත් එන්න ලේ බිදක් දන්දෙන්න


🩸🩸🩸ඔබත් එන්න ලේ බිදක් දන්දෙන්න
ලේ බිඳක් දන් දී ජීවිතයකට හුස්මක් වෙන්න..
2023 මාර්තු.17
මාළිගාතැන්න ශ්‍රී සුදර්ශනාරාමයට

Monday, February 27, 2023

අම්පාර පුරා විසිර තිබී ක්‍රමාණුකූලව විනාශයකට යන කතුරුපිල පැලෑටිය.



අතීතයේ පටන් දේශිය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල භාවිතා වූ ඉතා වටිනා අගනා ඖෂධීය පැළෑටියක් ලෙස කතුරුපිල හැඳීන්විය හැකිය. පිල වර්ග රාශියක් දක්නට ලැබෙන අතර දේශීය වෛද්‍යවරුන්ගේ මතයට අනුව එම සෑම වර්ගයකම ඖෂධීය ගුණයේ සැලකිය යුතු වෙනස්කම් නොමැත.

Wednesday, February 8, 2023

නුගේලන්ද පාසලට පරිත්‍යාග අවශ්‍යයි


නුගේලන්ද පාසලට පරිත්‍යාග අවශ්‍යයි මාධ්‍යවේදී වජිර ජයවර්ධන ඊට මැදිහත්වේ.
මේ තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයට නුදුරින් පිහිටා තිබෙන නුගේලන්ද නම් පාසැලයි. ඉහත යුධ සමයේ මායිම් ගම්මානනයක් ලෙස නම්කර තිබූ ගමක පවතින මෙම පාසලෙහි වැඩි වශයෙන්ම දක්නට ලැබෙනුයේ ගොවි පවුල්වල දරුවන්ය. එවිට ඉතිං අමුතුවෙන්ම අටුවා ටීකා කිව යුතු නැත මෙම විදුහලේ දැනට සිටින විදුහල්පතිනිය මගේ සමීපතයකු හෙයින් කෑමට බීමට පවා විදියක් හොයන, අසරණ දෙමාපියන්ගේ

අම්පාර ගුවන් හමුදා භටයින්ගේ දරාගැනීමේ ශක්තිය විහිදුවාලමින් උහන දක්වා පාගමනින්


අම්පාර ගුවන් හමුදා භටයින්ගේ දරාගැනීමේ ශක්තිය විහිදුවාලමින් උහන දක්වා පාගමනින්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව - අම්පාර රෙජිමේන්තු පුහුණු පාසලේ වෘත්තීය පුහුණුව II පාඨමාලාවේ ගුවන් භටයින් පුහුණුවෙන් ලැබූ පන්නරය සහ දරාගැනීමේ ශක්තිය (Endurance March) විදිහා දක්වමින් සිදු කල පා ගමන 2023 පෙබරවාරි 03 වන දින පුහුණු පාසලේ උපදේශකවරුන්ගේ මෙහෙයවීමෙන්  පවත්වන ලදී. 

Monday, February 6, 2023

බඹර ප්‍රහාරයකට ලක්ව 12 හැවිරිදි කුඩා දරුවෙක් මිය යයි


බඹර ප්‍රහාරයකට ලක්ව 12 හැවිරිදි කුඩා දරුවෙක් මියගිය පුවත අම්පාර,උහන, කුමාරිගමින් වාර්තා වෙයි.

ඊයේ (02) දහවල් කාලයේ උහන, කුමාරිගම ප්‍රදේශයේ ගසක තිබූ බඹර කූඩුවක් උකුස්සන් විසින් කඩා දැමීමත් සමඟ ඇවිස්සුනු බඹරුන් උකුස්සා ලුහුබැදි පාරේ, මෙම දරුවා සිටි නිසා බඹර ප්‍රහාරයට මේ දරුවා ලක්වී ඇත, ඇගම වසා සිටි බඹරුන්ගෙන් බේරීමට දරුවා වතුරට වැටී පසු සිහිමුර්ජා වී තිබේ.

රුසියාව බරපතල ප්‍රකාශයක


වසර 80 කට පසුත් ඉතිහාසය යළි ලියවෙමින් ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ස්ටෑලින්ග්‍රෑඩ් සටනේ 80 වන සැමරුමට එක්වෙමින් මොස්කව් නුවරදී රුසියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බවයි.

දෙවන ලෝක යුද්ධයේදී ප්‍රධාන සංධිස්ථානයක් වූ ස්ටෑලින්ග්‍රෑඩ් සටනේදී ජර්මානු නාසි හමුදාව රුසියාව සමග අසාර්ථක සටනක නිරත වුණා. එය සැලකෙන්නේ දෙවන ලෝක යුද්ධයේ සිදු වූ මාරාන්තික සටනක් ලෙසයි.