Wednesday, October 1, 2025

ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිඵල නොලැබේ: 12/2016 චක්‍රලේඛය, නව නීතිකරණය, සහ පාසල් විනයේ ධනාත්මක මාර්ගය


 ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිඵල නොලැබේ: 12/2016 චක්‍රලේඛය, නව නීතිකරණය, සහ පාසල් විනයේ ධනාත්මක මාර්ගය

​1) පුරෝකථනය: දැන් අපි කොහෙද ඉන්නේ?

​අපගේ දේශපාලන, රාජ්‍ය පරිපාලන, සහ පවුල්-සමාජ පද්ධති තුළ වසර ගණනාවක් පුරා බලය සහ ප්‍රචණ්ඩත්වය ගැටලු විසඳීමේ ප්‍රධාන මෙවලම ලෙස පැවතුණි. මෙම සංස්කෘතියේ අඳුරු සෙවණැල්ල නොදැනුවත්වම පාසල් පන්ති කාමරයට ද ව්‍යාප්ත විය. දරුවාගේ මනස, පෞද්ගලික ගෞරවය සහ විවිධාකාර හැකියාවන් නොසලකා, හුදු කීකරුකම බලහත්කාරයෙන් ලබා ගැනීමේ "ආඬුමගෙ රෙසිපි" අපට හුරුපුරුදු වී තිබුණි. එහෙත්, 2016 සිට ක්‍රියාත්මක 12/2016 චක්‍රලේඛය සහ වර්තමානයේ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු වී ඇති නව නීතිකරණය, මෙම පැරණි සහ අකාර්යක්ෂම පුරුද්දෙන් මිදී අනාගතය දෙසට තබන තීරණාත්මක පියවරයන් වේ.

​මෙම ලිපිය, අප පාසල් සංස්කෘතියේ සැබෑ නායකයන් වන ඔබ, ගුරුවරුන්, වෙනුවෙන්ම ලියැවී ඇත. ප්‍රචණ්ඩත්වයෙන් තොර, ධනාත්මක විනයක් කරා යන ගමනට අවශ්‍ය දාර්ශනික දැක්ම, ක්‍රමවේද, මෙවලම් සහ දිනපතා භාවිත කළ හැකි ප්‍රායෝගික සැලසුම් ලබා දීම මෙහි අරමුණයි.


Tuesday, March 21, 2023

ජනපති පාර්ලිමේන්තුවේ කල සම්පූර්ණ කථාව..


ජනපති පාර්ලිමේන්තුවේ කල සම්පූර්ණ කථාව..
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීර්ණ මුල්‍ය පහසුකම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටිනවා. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා පිලිබඳ ගිවිසුම ද ජනාධිපතිවරයා විසින්

Friday, March 10, 2023

ඔබත් එන්න ලේ බිදක් දන්දෙන්න


🩸🩸🩸ඔබත් එන්න ලේ බිදක් දන්දෙන්න
ලේ බිඳක් දන් දී ජීවිතයකට හුස්මක් වෙන්න..
2023 මාර්තු.17
මාළිගාතැන්න ශ්‍රී සුදර්ශනාරාමයට

Monday, February 27, 2023

අම්පාර පුරා විසිර තිබී ක්‍රමාණුකූලව විනාශයකට යන කතුරුපිල පැලෑටිය.



අතීතයේ පටන් දේශිය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල භාවිතා වූ ඉතා වටිනා අගනා ඖෂධීය පැළෑටියක් ලෙස කතුරුපිල හැඳීන්විය හැකිය. පිල වර්ග රාශියක් දක්නට ලැබෙන අතර දේශීය වෛද්‍යවරුන්ගේ මතයට අනුව එම සෑම වර්ගයකම ඖෂධීය ගුණයේ සැලකිය යුතු වෙනස්කම් නොමැත.

Wednesday, February 8, 2023

නුගේලන්ද පාසලට පරිත්‍යාග අවශ්‍යයි


නුගේලන්ද පාසලට පරිත්‍යාග අවශ්‍යයි මාධ්‍යවේදී වජිර ජයවර්ධන ඊට මැදිහත්වේ.
මේ තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයට නුදුරින් පිහිටා තිබෙන නුගේලන්ද නම් පාසැලයි. ඉහත යුධ සමයේ මායිම් ගම්මානනයක් ලෙස නම්කර තිබූ ගමක පවතින මෙම පාසලෙහි වැඩි වශයෙන්ම දක්නට ලැබෙනුයේ ගොවි පවුල්වල දරුවන්ය. එවිට ඉතිං අමුතුවෙන්ම අටුවා ටීකා කිව යුතු නැත මෙම විදුහලේ දැනට සිටින විදුහල්පතිනිය මගේ සමීපතයකු හෙයින් කෑමට බීමට පවා විදියක් හොයන, අසරණ දෙමාපියන්ගේ

අම්පාර ගුවන් හමුදා භටයින්ගේ දරාගැනීමේ ශක්තිය විහිදුවාලමින් උහන දක්වා පාගමනින්


අම්පාර ගුවන් හමුදා භටයින්ගේ දරාගැනීමේ ශක්තිය විහිදුවාලමින් උහන දක්වා පාගමනින්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව - අම්පාර රෙජිමේන්තු පුහුණු පාසලේ වෘත්තීය පුහුණුව II පාඨමාලාවේ ගුවන් භටයින් පුහුණුවෙන් ලැබූ පන්නරය සහ දරාගැනීමේ ශක්තිය (Endurance March) විදිහා දක්වමින් සිදු කල පා ගමන 2023 පෙබරවාරි 03 වන දින පුහුණු පාසලේ උපදේශකවරුන්ගේ මෙහෙයවීමෙන්  පවත්වන ලදී. 

Monday, February 6, 2023

බඹර ප්‍රහාරයකට ලක්ව 12 හැවිරිදි කුඩා දරුවෙක් මිය යයි


බඹර ප්‍රහාරයකට ලක්ව 12 හැවිරිදි කුඩා දරුවෙක් මියගිය පුවත අම්පාර,උහන, කුමාරිගමින් වාර්තා වෙයි.

ඊයේ (02) දහවල් කාලයේ උහන, කුමාරිගම ප්‍රදේශයේ ගසක තිබූ බඹර කූඩුවක් උකුස්සන් විසින් කඩා දැමීමත් සමඟ ඇවිස්සුනු බඹරුන් උකුස්සා ලුහුබැදි පාරේ, මෙම දරුවා සිටි නිසා බඹර ප්‍රහාරයට මේ දරුවා ලක්වී ඇත, ඇගම වසා සිටි බඹරුන්ගෙන් බේරීමට දරුවා වතුරට වැටී පසු සිහිමුර්ජා වී තිබේ.