Friday, February 12, 2021

BBC චීනෙන් දොට්ට


සිය රට තුළ බී.බී.සී. ලෝක සේවයේ විකා­ශන කට­යුතු තහ­නම් කිරී­මට චීනය තීර­ණය කරයි.

කොවිඩ් -19 වසං­ගත තත්ත්වය පිළි­බඳ බී.බී.සී. ලෝක සේවයේ පුවත් වාර්තා­ක­රණ කට­යුතු සඳහා අප්‍ර­සා­දය පළ කර­මින් චීන රූප­වා­හිනි හා ගුවන් විදුලි නියා­මන ආය

 ත­නය විසින් මේ පිය­වර ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් චීනය ගත් මේ ක්‍රියා­මා­ර්ගය පිළි­බඳ බී.බී.සී. ලෝක සේවය කන­ස්සල්ල පළ කර තිබෙන අතර බ්‍රිතාන්‍ය සහ අමෙ­රි­කාව විසින් ද මේ සම්බ­න්ධ­යෙන් අප්‍ර­සා­දය පළ කර ඇති බව එම වාර්තා සඳ­හන් කරයි. මාධ්‍ය නියා­මන කොන්දේසි උල්ලං­ඝ­නය කිරීම හේතු­වෙන් මේ තීර­ණය ගෙන තිබෙන බව චීනය පව­සයි.

No comments:

Post a Comment