Friday, February 12, 2021

මත්පැන් දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් එන්නත් තේරැමක් නැති වැඩක්,අපරාදේ සල්ලි


මත්පැන් සහ දුම්වැටි භාවිතා කර­න්නන්ට කොවිඩ්-19 වැළැ­ක්වීමේ එන්නත ලබා­දී­මට මුදල් සහ සම්පත් වැය කිරීම අපතේ යැවී­මක් බව දුම්කොළ හා මධ්‍ය­සාර පිළි­බඳ ජාතික අධි­කා­රියේ සභා­පති වෛද්‍ය ආචාර්ය සමාධි රාජ­පක්ෂ මහතා පෙන්වා දෙයි.

දුම්පා­න­යට ඇබ්බැ­හි­වී­මෙන් පෙණ­හලු අක්‍රිය වීම සිදු­වන බවත් ඒ නිසා ඔවුන්ගේ ශ්වසන පද්ධ­ති­යට බල­පෑම් එල්ල වන බවත් පෙන්වා දෙන ඒ මහතා කොවිඩ් -19 ආසා­ධ­නය වීමද ශ්වසන පද්ධ­ති­යට බල­පෑම් එල්ල කරන බව පෙන්වා දෙයි.

එමෙන්ම දුම්පා­න­යට ඇබ්බැ­හි­වූ­වන් කොවිඩ්-19 ගොදුරු වීමේ ප්‍රව­ණ­තාව වැඩියි.

ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත යොමු කිරී­මට මෙන්ම මර­ණ­යට ගොදු­රු­වීමේ අව­ස්ථාද ඉහළ මට්ට­මක පව­ති­නවා.

මත්පැන් මෙන්ම දුම්වැටි භාවි­ත­යෙන් සිරුරේ ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය අඩු කර­නවා. ඒ වගේම මේ අයට එන්නත ලබා­දී­මෙන් වංස­ගත උව­දුර මැඩ පැවැ­ත්වීමේ අර­මුණ ඉටු කර­ගත හැකි වන්නේ නැහැ.

එන්නත ලබා­දිය යුත්තේ මත්පැන් හා දුම්වැටි භාවිතා නොක­රන කොට­ස­ටයි.

ඉන් වඩා ඵල­දායි ප්‍රති­ඵ­ල­යක් ලබා ගත හැකි වෙනවා. එසේම එන්නත ලබා­ගැ­නී­මෙන් පසුව මාස හය­ක්වත් යන­තුරු මත්පැන් දුම්වැටි භාවි­ත­යෙන් වැළකී සිටිම තමයි වඩාත් සුදුසු යනු­වෙන් ඒ මහතා වැඩි­දු­ර­ට­ත් කීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අධි­කා­රියේ පැවැති මාධ්‍ය හමු­ව­ක­දීය.

No comments:

Post a Comment