පෙබරවාරි 14 දිනට යෙදෙන වැලැන්ටයින් දිනය හෙවත් පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් “ආදරයට පැළයක්”නමින් නව රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, වීරවිල වැව ඉස්මත්තේ දී අද (12) ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන අතර එහිදී මී පැළ 5,000ක් රෝපණය කිරීමට පියවර ගෙන තිබේ.
පෙම් යුවළක් විසින් මෙම මී පැළයක් රෝපණය කරන අතර, මේ සඳහා එක්වන සෑම පෙම් යුවළකගේ අතට පැළ ලබා දීම ප්‍රදේශයේ වයෝවෘද්ධ ගොවි මහත්වරුන් මඟින් කිරීමට කටයුතු යොදා ඇත. පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් රෝපණය කරන මෙම පැළ රැක බලා ගැනීමේ වගකීම ද එම පෙම් යුවළට භාර දීමට නියමිතය. පරිසර අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර තිබෙන "හුස්ම දෙන තුරු" ජාතික රුක් රෝපණ වැඩ සටහනට සමගාමීව “ආදරයට පැළයක්” රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක වේ.

No comments:
Post a Comment