විමල් වීරවංශ මැතිතුමා වගකීම් රහිත ප්‍රකාශ කරනවා. විමල් ඇමතිතුමාට කියන්න කැමති කැබිනෙට් මණ්ඩලයේ ඉඳන් ආණ්ඩුව විවේචනය කරන්න එපා. යැයි ඊයේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කලාය. මෙම මාධ්‍ය හමුවේදී මුස්ලිම් මෘතදේහ මිහිදන් කිරීම සම්බන්ධයෙන්
අගමැතිතුමාගේ අදහස ගැනද ප්‍රශ්ණ කළේය. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කලේ මෘත දේහ භූමදානය සම්බන්දයෙන් කිසිදු තහනමක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශකල බවත් කොරෝනා ආසාදිත මෘතදේහ භූමදානයට අවසර දීමක් ඉන් අදහස් නොවන බවයි.
නමුත් අගමැති තුමාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලෙට්ස් මහත්මිය ද එම තීරණය අගය කරන බව ට්විටර් පණිවිඩයක් මඟින් දන්වා තිබේ. මන්ත්රීනී කෝකිලා පවසන පරිදි මෙම ලෝක නායකයින්ගේ වැරදි වැටහීම් මත කල ප්‍රකාශ වේ.
📌️පාකිස්තාන අගමැතිවරයා ශ්‍රී ලංකා රජය ගත් මේ තීරණය සම්බන්ධයෙන් සිය සතුට පළ කර තිබෙන බවද කියා සිටී. ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී දුන් සහතිකය සාදරයෙන් පිළිගන්නා බවද හෙතෙම පෙන්වා දී ඇත.
📌️ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලෙට්ස් මහත්මිය ට්විටර් පණිවුඩය නිකුත් කරමින් අගමැතිවරයාගේ තීරණය අගය කරන අතර ශ්‍රී ලංකාව අන්තර්ජාතික සෞඛ්‍ය පිළිවෙතට අනුගතවීම හා ආගමික අයිතීන්ට ගරු කිරීම ධනාත්මක පියවරක් ලෙස සලකන බවට සඳහන් කර තිබේ.

No comments:
Post a Comment