Friday, February 12, 2021

ඉම්රාන් ඛාන් ඇමෙරිකා කානාපති හින් ගෑවුන නෝකිලාගේ කථාව


විමල් වීර­වංශ මැති­තුමා වග­කීම් රහිත ප්‍රකාශ කර­නවා. විමල් ඇම­ති­තු­මාට කියන්න කැමති කැබි­නෙට් මණ්ඩ­ලයේ ඉඳන් ආණ්ඩුව විවේ­ච­නය කරන්න එපා. යැයි ඊයේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණ­ව­ර්ධන මහ­ත්මිය ප්‍රකාශ කලාය. මෙම මාධ්‍ය හමුවේදී මුස්ලිම් මෘතදේහ මිහිදන් කිරීම සම්බන්ධයෙන් 

අගමැතිතුමාගේ අදහස ගැනද ප්‍රශ්ණ කළේය. මෙහිදී අදහස් දැක්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණ­ව­ර්ධන මහ­ත්මිය ප්‍රකාශ කලේ මෘත දේහ භූමදානය සම්බන්දයෙන් කිසිදු තහනමක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකල බවත් කොරෝනා ආසාදිත මෘතදේහ භූමදානයට අවසර දීමක් ඉන් අදහස් නොවන බවයි.
නමුත් අගමැති තුමාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්
පාකි­ස්තාන අග­මැති ඉම්රාන් ඛාන් මහතා හා ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­ප­තිනි ඇලෙ­යිනා බී. ටෙප්ලෙට්ස් මහ­ත්මිය ද එම තීර­ණය අගය කරන බව ට්විටර් පණි­වි­ඩ­යක් මඟින් දන්වා තිබේ. මන්ත්‍රීනී කෝකිලා පවසන පරිදි මෙම ලෝක නායකයින්ගේ වැරදි වැටහීම් මත කල ප්‍රකාශ වේ.

📌️පාකි­ස්තාන අග­මැ­ති­ව­රයා ශ්‍රී ලංකා රජය ගත් මේ තීර­ණය සම්බ­න්ධ­යෙන් සිය සතුට පළ කර තිබෙන බවද කියා සිටී. ශ්‍රී ලංකා අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ දී දුන් සහ­ති­කය සාද­ර­යෙන් පිළි­ගන්නා බවද හෙතෙම පෙන්වා දී ඇත.

📌️ ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­ප­තිනි ඇලෙ­යිනා බී. ටෙප්ලෙට්ස් මහ­ත්මිය ට්විටර් පණි­වු­ඩය නිකුත් කර­මින් අග­මැ­ති­ව­ර­යාගේ තීර­ණය අගය කරන අතර ශ්‍රී ලංකාව අන්ත­ර්ජා­තික සෞඛ්‍ය පිළි­වෙ­තට අනු­ග­ත­වීම හා ආග­මික අයි­තීන්ට ගරු කිරීම ධනා­ත්මක පිය­ව­රක් ලෙස සල­කන බවට සඳ­හන් කර තිබේ.

No comments:

Post a Comment