Friday, February 12, 2021

දකුණු ආසියාවේ කොරෝනා තුරන් කල පලමු රට ශ්‍රී ලංකාව කරනවා



ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ නිර්දේශ අනුව සිය­ලුම රට­වැ­සි­යන්ට එන්නත් ලබාදී ශ්‍රී ලංකාව දකුණු ආසි­යාවේ කොවිඩ්- 19 රෝග­යෙන් තොර පළමු රට බවට පත් කි­රී­මට කට­යුතු කරන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනා­ධි­පති කාර්යසාධන බළ­කායේ සභා­පති බැසිල් රාජ­පක්ෂ මහතා පැව­සීය.


ඒ මහතා මේ බව පැව­සුවේ කොළඹ වරාය නගර ව්‍යාපෘති සමා­ගම විසින් රුපි­යල් මිලි­යන 20කට අධික වටි­නා­ක­මින් යුත් පී. සී. ආර් යන්ත්‍ර­යක් හා පරී­ක්ෂණ කට්ටල 5000ක් ශ්‍රී ලංකා රජ­යට ප්‍රදා­නය කිරීමේ අව­ස්ථා­වට සහ­භාගි වෙමිනි.

සී.එච්.ඊ.සී පෝර්ට් සිටි කොළඹ සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ Jiang Houliang මහතා වෙනු­වෙන් එම සමා­ගමේ සහ­කාර කළ­ම­නා­කාර අධ්‍යක්ෂ Yue Yeqing මහතා විසින් අදාළ උප­ක­රණ හා පරී­ක්ෂණ කට්ටල තොගය, බැසිල් රාජ­පක්ෂ මහතා වෙත බාර­දෙනු ලැබීය.

මේ පරි­ත්‍යා­ගය අගය කළ බැසිල් රාජ­පක්ෂ මහතා, අදාළ පී. සී. ආර් යන්ත්‍රය සහ පරී­ක්ෂණ කට්ටල වහාම භාවි­ත­යට ගැනී­මට ප්‍රාථ­මික සෞඛ්‍ය සේවා, වසං­ගත රෝග හා කොවිඩ් රෝග පාලන කට­යුතු රාජ්‍ය අමා­ත්‍යාං­ශය වෙත බාර­දු­න්නේය. පී. සී.ආර් යන්ත්‍රය මුලින් ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ස්ථාපිත කරන බවත්, එම­ගින් දිස්ත්‍රි­ක්කයේ දෛනි­කව සිදු­ක­රන පරී­ක්ෂණ සංඛ්‍යාව වැඩි කළ හැකි­වනු ඇති බවත් ප්‍රාථ­මික සෞඛ්‍ය සේවා, වසං­ගත රෝග හා කොවිඩ් රෝග පාලන කට­යුතු රාජ්‍ය ඇමැති සුද­ර්ශනී ප්‍රනා­න්දු­පුල්ලේ මහ­ත්මිය පැව­සු­වාය.

මෙහිදී පෝර්ට් සිටි නියෝ­ජි­තයෝ එම ව්‍යාපෘ­තියේ නව­තම තත්ත්වය සම්බ­න්ධ­යෙන් බැසිල් රාජ­පක්ෂ මහතා දැනු­වත් කළහ. එහිදී රාජ­පක්ෂ මහතා කියා සිටියේ, ඉදි­රි­යේදී විශේෂ ආර්ථික කලාප පනත හඳුන්වා දීමත් සමඟ මෙය දකුණු ආසි­යානු කලා­පයේ නවීන සේවා හා මූල්‍ය කේන්ද්‍ර­යක් බවට පත්වනු ඇති බවයි. එමෙන්ම මේ වස­රේදී කොළඹ වරාය නග­රය සංව­ර්ධන කට­යුතු ඔස්සේ රටට සෘජු විදේශ ආයෝ­ජන ආක­ර්ෂ­ණය කර­ගැ­නී­මට හැකි­වනු ඇති බව­ටද ඒ මහතා විශ්වා­සය පළ­ක­ළේය.

පසු­ගිය මාස කීපයේ අවස්ථා කීප­ය­කදී මෙරට බල­ධා­රීන් වෙත ආර­ක්ෂක උපාංග පරි­ත්‍යාග කිරී­මට පෝර්ට් සිටි කට­යුතු කළේය. මේ අත­රට ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර රෝහ­ලට මුඛ ආව­රණ 10,000 ක් පරි­ත්‍යාග කිරීම, ශ්‍රී ලංකා රේගු­වට මුඛ ආව­රණ 2,000 ක් පරි­ත්‍යාග කිරීම සහ කොළඹ මැනිං තොග වෙළෙ­ඳ­පොළ, ශ්‍රී ලංකා පොලී­සිය, කළු­තර නාගොඩ රෝහල, තොර­තුරු තාක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සහ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය වෙත රු. මිලි­යන 6කට අධික වටි­නා­ක­ම­කින් යුත් පරි­ත්‍යාග සිදු­කි­රීම ඇතු­ළත් වේ.

එමෙන්ම 2020 නොවැ­ම්බර් මාස­යේදී, ශ්‍රී ලංකාවේ කොවිඩි-19 රෝග මර්දන උත්සා­හ­යන්ට ලබා­දෙන තවත් සහ­යෝ­ග­යක් වශ­යෙන්, ශල්‍ය මුඛ ආව­රණ 20,000 ක් සෞඛ්‍ය ඇමැ­තිනී පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය වෙත භාර­දී­ම­ටද කොළඹ වරාය නගර ව්‍යාපෘති සමා­ගම පිය­වර ගත්තේය. මේ පරි­ත්‍යාග අගය කළ සෞඛ්‍ය ඇමැ­ති­නිය, රටට දැඩි ලෙස අවශ්‍ය වී ඇති පී.සී. ආර් උප­ක­රණ හා පරී­ක්ෂණ කට්ට­ලද ලබා­දෙන ලෙස ඉල්ලී­මක් කළා. මේ ඉල්ලීම ඉටු­ක­රන බවට ප්‍රතිඥා දුන් පෝර්ට් සිටි කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා, මාස කීප­යක් තුළ එම ප්‍රති­ඥාව ඉටු කර­මින්, මෙසේ පී. සී. ආර් උප­ක­රණ හා පරී­ක්ෂණ කට්ටල එක­තු­වක් පරි­ත්‍යාග කිරී­මට කට­යුතු කර තිබේ.

ප්‍රාථ­මික සෞඛ්‍ය සේවා, වසං­ගත රෝග හා කොවිඩ් රෝග පාලන කට­යුතු රාජ්‍ය ඇමැ­තිනී සුද­ර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ඖෂධ නිෂ්පා­ද­නය, සැප­යීම හා නියා­මන රාජ්‍ය ඇමැති මහා­චාර්ය චන්න ජය­සු­මන, දහම් පාසල්, පිරි­වෙන් හා භික්ෂු අධ්‍යා­පන රාජ්‍ය ඇමැති විජිත බේරු­ගොඩ, ප්‍රාථ­මික සෞඛ්‍ය සේවා, වසං­ගත රෝග හා කොවිඩ් රෝග පාලන කට­යුතු අමා­ත්‍යං­ශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, කොළඹ වරාය නගර සංව­ර්ධන ව්‍යපෘ­තියේ විධා­යක ව්‍යපෘති කළ­ම­නා­ක­රණ අධ්‍යක්ෂ රාජා එදි­රි­සූ­රිය, එහි අධ්‍ය­ක්ෂිකා (විකු­ණුම් හා අලෙවි) යමුනා ජය­රත්න සහ මහ­ජන සම්බ­න්ධතා ප්‍රධානී කස්සප සෙන­රත් මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මෙහිදී රැස්ව සිටියහ.

No comments:

Post a Comment