Monday, April 22, 2019

ශෝක දිනයට ඇමෙරිකානු තානාපති කාර්යාලයත් එක්වෙයි


මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය හෙට (23 ) වසා තබන බව එම තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.
පාස්කු ඉරිදා කොළඹ තදාසන්න ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් ඇතිවූ හදිසි තත්ත්වය නිසා තානාපති කාර්යාලය මෙම තීරණය ගෙන ඇත.
මීට අමතරව කොළඹ ඇමෙරිකානු කේන්ද්‍රය සහ අනෙකුත් ඇමෙරිකානු පියස්ද වසා තැබෙන බව ඇමරිකානු තානාපති කාර්යාලය කියා සිටී.

තානාපති කාර්යාලය වසා දැමුනද ඇමරිකානු පුරවැසි සේවා ක්‍රියාත්මක වන අතර එරට පුරවැසියන්ගේ  හදිසි සේවා සදහා +94 11 249 8639 අමතන්නැයිද තානාපති කාර්යාලය දැනුම් දී සිටී.

No comments:

Post a Comment