අම්පාර ජලසම්පාදන මණ්ඩලය මගින් අද(21)දින ජංගම ප්‍රචාරක රථයකින් ජල බිල ගෙවීම සම්බන්ධයෙන් දැනුවත් කරන ලදි.
අම්පාර ජලසම්පාදන මණ්ඩලය
මගින් අද(21)දින ජංගම ප්‍රචාරක රථයකින් ජල බිල ගෙවීම සම්බන්ධයෙන් දැනුවත් කරන ලදි.
එම දැනුවත් කිරීම පහත පරිදිය.
1)මාර්තු සහ අප්‍රේල් සදහා දැනටමත් බිලක් ලැබී ඇති. එම බිල ඇස්තමේන්තුගත බිලකි.
2)එම ඇස්තමේන්තුගත බිල් 2020 ජුනි බිල්පතෙන් සංශෝදනයකර නිවැරදි බිල ලබා දෙනු ඇත.
3)ඇස්තසමේන්තුගත බිල් සංශෝධනය කිරීමට අම්පාර ජලසම්පාදන මණ්ඩලයට පැමිණීම අවශ්‍ය නොවේ.
(විශාල වශයෙන් පැමිනිලි රැගෙන ඒම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට භාදාවක් වේ.)
4) ("ජනවාරි පෙබරවාරි ආදී පෙර මාස වල ඔබට ලැබුණු ජල බිල්පත් අනුව මාර්තු අප්‍රේල් මැයි මාස 3 සදහාද, ජල භාවිතය සදහා ගෙවිය යුතු මුදල් ආසන්නතම තැපැල් කාර්යාලය" හෝ වෙනද ගෙවීම් කල වෙනත් ක්‍රමයකට ගෙවන්න) වශයෙන් ජංගම ප්‍රචාරක රථය නිවේදනය කලද එහි තේරුම ජනයා විවිධ ලෙස තේරුම් ගෙන ඇත. බොහෝ දෙනා මෙහි දැනුම් දුන් කිසිවක්ම තේරුම් අරන් නොමැත.
ජල සම්පාදන මණ්ඩලයේ සැබෑ පණිවුඩය දන්නා කෙනෙක් එම තොරතුර දැනුවත් කරන්න.
ගල්ඔය News

No comments:
Post a Comment