Sunday, May 24, 2020

covid-19 වෛරසයේ ප්‍රභේද අනුව චීනයේ අලුත් ආසාදිතයන්ගගේ වෙනස් ලක්ෂණ


චීන වෛද්‍යවරුන් සඳහන් කරන නවතම නිවේදනය අනුව ඊසාන දිග චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරසය මිට පෙර දුටු වෛරසයට සාපේක්ෂව වෙනස් වී ඇති බවත් එය මැඩපැවැත්වීම සංකීර්ණ වී ඇති බවක් පවසයි.

වුහාන් නගරයේ රෝගීන්ට සාපේක්ෂව ජිලින් සහ හයිලොංජියැන්ග් නගරව

ලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සුව වීමට වැඩි කාලයක් ගත වන බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.
නව ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට වැඩි කාලයක් ගන්නා නිසා, වෛරසය ආසාදිත පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට එය වැළදීමේ ඇති ඉඩ කඩ වැඩි බවත් වෛද්‍යවරු අදහස් පලකරනවා.
චීනය පවසන්නේ මෙම වෛරස් තත්වය තම රටට පැමිනියේ වෙනත් රටක සිට බවයි. මෙම වෛරසයේ ප්‍රභේද 41ක් ඇති බව සොයාගෙන තිබුනු අතර මින් කොටස් 04ක් පමනක් ලංකාවේ ක්‍රියාත්මක බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජාන පර්යේෂනායතනය සොයාගෙන තිබුණා.
ගල්ඔය News

No comments:

Post a Comment