Saturday, August 28, 2021

මෙක්සිකෝ ඇස්ටෙක් අගනුවර බිදවැටී වසර 500

මෙක්සිකෝ ඇස්ටෙක් අගනුවර බිදවැටී වසර 500
ඇස්ටෙක්වරු ශ්‍රී ලාංකිකයන්ට වඩාත් සමීපවුනේ Apacalipto සිනමා පටයෙන්. ඇස්ටෙක්වරු වාසය කල ඇස්ටෙක් අගනුවර ස්වදේශිකයන්වත් අගනුවරත්  ස්පාඤ්ඤය විසින් විනාශ කොට වසර 500ක් වෙනවා. සංකීර්ණ නගරයක් හා අසංඛ්‍යාත ස්වදේශික ජනතාව මරා දැමූ ඒ අමිහිරි අත්දැකීම ස්වදේශික මෙක්සිකෝවරුන්ගේ මතකයෙන් ගිලිහී නෑ.

 මෙක්සිකෝ නගරය ඇස්ටෙක් අගනුවර බිඳවැටීමේ 500 වන සංවත්සරය සමරනු ලැබූ අතර ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් එරට ස්වදේශික මෙක්සිකෝ ජනතාව ඇමතුවා.

 මෙක්සිකෝ නගරයේ සොකාලෝ චතුරශ්‍රයේ පිහිටි ඇස්ටෙක් පන්සලක දැවැන්ත අනුරුවක් ඉදිරිපිටදී කතා කරමින් ලෝපෙස් ඔබ්‍රඩෝර්, හර්නන් කෝර්ට්ස්ගේ නායකත්වයෙන් යුත් 1521 ලේවැකි මෙක්සිකොව යටත් කර ගැනීමේදී ස්පාඤ්ඤ ජාතිකයන් ටෙනොචිට්ලන් අල්ලා ගත් ආකාරය සිහිපත් කළේය.

 ඔහු සමාව අයැද සිටියා මෙක්සිකානු ජනරජයේ භූමි ප්‍රදේශය විසින් ඇති කළ ව්‍යසනයෙන් විපතට පත් වූවන්ගෙන්





No comments:

Post a Comment