Wednesday, September 22, 2021

මත් වතුර ආදායම 50%කින් පහලට


තුන්වැනි කොවිඩි රැල්ලෙන් පසු ඉකුත් 17
වැනිදා සිට සුරාසල් විවෘත කළත් මත්පැන්
අලෙවිය සියයට පනහකින් පමණ පහළ වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටී.

මත්වතුර අලෙවිය හරි අඩකින් පමණ අඩුවීමට හේතු කීපයක් බලපා ඇතැයි ද
ප්‍රධානම හේතුව මත්පැන් මිලදී ගැනීමට අමතර මුදලක් මලෝලින් අත නැතිවීම යැයි සුරාබදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්
පවසයි!
තාමත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ
ආයතනවලට සේවකයන් කැඳවා නොතිබීම, බස් හා දුම්රිය ධාවනය නොවීම, වැඩබිම්වල කටයුතු සාමාන්‍ය පරිදි ආරම්හ නොකිරීම, විනෝද ගමන් හා මිතුරු සාජ්ජ නොපැවැත්වීම සහ ස්ථානීය මත්පැන් හල් (බාර්,රෙස්ටුරන්ට්, තානායම්) විවෘත නොකිරීම යන කාරණාද මත්පැන් අලෙවිය අඩුවීමට හේතු වී තිබේ.
වයින් ටෝස් විවෘත කළ මුල් දිනයේ
විශාල වශයෙන් මත්පැන් බෝතල් මිලදී
ගැනීමට පිරිස් පෙළඹුණේ යළි දින ගණ-
නාවක් වසා දමාවියැයි ඇති වූ සැකය නිසා
යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
මත්පැන් අලෙවියෙන් සාමාන්‍ය දිනක
රජයේ ආදායම රුපියල් කෝටි පනහකි. මේ
දිනවල දිනක ආදායම කෝටි විස්සක්වත්
නැති තරම් යැයි ද ලබන මස 17 වැනිදායින්
පසුව නියම දත දිය හැකි බවද එම නිලධා-
රියා කීය.
වයින් ටෝස් විවෘත කිරීමට ගත්
තීරණය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් හා
සෞඛ්‍ය අංශවල ඇතැමුන් චෝදනා එල්ල
කළත් සුරාසල් විවෘත කිරීම නිසා වසංගතය පැතිරෙන තර්කය පුස්සක් බවට පත්වෙමින් තිබෙන බවද කීය. රටේ සියලු කටයුතු නවතා වසංගතය පාලනය කළහොත් රටේ ජනතාව මියයන්නේ සාගතයකියැයි ද ඒ මහතා
තවදුරටත් කියා සිටියේය.
දිණමින

No comments:

Post a Comment