ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපනය ගැන Aljazeera කථාකරයි. ඔන්ලයින් ඉගෙනගන්න හැම දරුවෙකුටම laptop, phone නැතිබවත්. සිග්නල් තියෙන තැනකට යන්න කන්දකට නගිමින් මේ දරුවන් ඉගෙන ගන්නා බවත් සදහන් කරයි.
මේ ගමේ මිනිස්සු මෙහෙම හරි ඉගෙන ගන්නවා, දිගාමඩුලු දරුවන් අධ්‍යාපනයෙන්ම පිටමංව ඇති සැටි ග්‍රාමීය නොව අම්පාර නගරයේම තොරතුරු ඇත. පහල පංති පවත්වන්නේම නැති තරම්ය. ග්රාමීයව සිග්නල් නැත. එහි දුක කියන්නට මාධ්‍යයක්ද නැත.
පොදුවේ Online අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ අසාර්ථක වී ඇත. මෙතරම් දියුනු අධ්‍යාපන මාධ්‍යයක් ලංකාවේ අසාර්ථක වීම ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුව වග කිව යුතුය. Online අධ්‍යාපන ක්‍රමවේදය පිලිබද දෙමාපියන් දරුවන් ගුරුවරුන් අතර සම්බන්ධයට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රමවේදයන් ගැන දැනුවත් කල යුතුය. නමුත් එය ගුරුවරුන්ගේ පුද්ගලික දෙයක් ලෙස එලියට පැමින දැන් නිහඩව ගොස් ඇත.
කොහොම වුනත් මේ ලංකාවේ හැටිය.
ආරම්භයේදී ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය මෙලෙසින්ම අසාර්ථක ව්‍යාපෘතියක් විය. නමුත් දැන් එය සාර්ථකත්වයට පත් කරගනිමින් සිටියි. ශ්‍රී ලංකාවේ Online අධ්‍යාපනයද අනාගතයේදී සාර්ථක ව්‍යාප්තියක් වේවි. යුද්ධය නිසා අධ්‍යාපනයෙන් අම්පාරේ දරුවන් පිටමංවුනා මෙන් නැවත වරක් අධ්‍යාපනයෙන් පිටමං නොවීමට වගබලා ගැනීම අප කාගේත් යුතුකමකි.
ගල්ඔය News
No comments:
Post a Comment