⭕අම්පාර රජවැවදී ඇමති විමලවීර දිසානායකට දැඩි විරෝධයක්
💚ඇමති ගොවියන් සමග කථා කොට ප්‍රශ්න විසදිය යුතු බව ගොවීන් කියයි.
💚තමාට විරෝධයක් එල්වුන බවත් ඒ මිනිසුන්ගෙන් නොවන බවත් ඇමති විමලවීර කියයි.
ඇමති විමලවීර දිසානායක මහතා අම්පාර රජවැව වැව් බැම්ම පාමුල විසිතුරු මසුන් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට එක් වූ අවස්ථාවේ මෙම විරෝධතාවය එල්ල කරන ලදී.
ගොවීන් සඳහන් කළේ එම වැවේ ජලය ව්‍යාපෘතියට ලබාගතහොත් ගොවීන්ට ගොවිතැන් කිරීමට ජලය නොමැති බවයි.
විරෝධතාකරුවන්ගේ විරෝධය මත අමාත්‍යවරයා ස්ථානය ඉවත්ව ගොස් පසුව මුහුදු මහා විහාරයේදී මාධ්‍ය වෙත ප්‍රතිචාර දැක්වමින් කියා සිටියේ තමන්ට විරෝධය දැක්වූයේ මනුෂ්‍යයන් විය නොහැකි බවත් අදාල ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් ගණනාවකට ආදායම් මාර්යක් නිර්මාණය කිරීමක් බවත්ය.
ව්‍යයංගයෙන් විමලවීර ඇමතිතුමා කියා ඇත්තේ මෙම ව්‍යපෘතියට වන සතුන්ද විරුද්ධ පාරිසරියට එකග නොවන ව්‍යාප්තියක් බවත්, අපි චන්දය දී පත්කරගත් විමලවීර ඇමතිතුමා අප සතුන් යැයි කිසිදිනක නොසිතන බවත් ප්‍රදේශවාසීන් කියයි.
No comments:
Post a Comment