Monday, September 20, 2021

ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලා බාර් ඇරියා


 මේ වනවිට ග්‍රාමීය ප්‍රදේශවල නීතිවිරෝධි මත්පැන් එන්න එන්නම වැඩි වී ඇති බවත් එම මත්පැන් වර්ග පානය කිරීමෙන් ජනතාව රෝගීන් බවට පත් වන බවත් එය විශාල ප්‍රශ්නයක් බවත් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඊයේ සිට රට පුරා වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර දීම පිළිබඳව අද (18) කළුතරදී අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

අතේ මුදල් නැතැයි, කියමින් රජයෙන් දීමනා ඉල්ලුව ද බාර් විවෘත කිරීමත් සමග මත්පැන් අලෙවිසැල් අසල දිගු පෝළිම් දක්නට ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

”රජයෙන් අවසරයක් නොදි බාර් අරින්න බෑනේ. රජයෙන් අවසරයක් දුන්නම තමයි ඒ මත්පැන් හල් විවෘත්ත කරලා තියෙන්නේ. ලියාපදිංච් තැන්, විවෘත්ත කිරිමක් කරලා තියෙනවා. දෙයිහාමුදුරුවනේ සල්ලි නෑ.. සල්ලි නෑ.. කිව්වට බලන්න ඇපැයි බාර් ගාවට ගියාම, දැන් අපෙන් කියනවා රුපියල් 2000 ක් දෙන්න කියනවා කන්න නෑ කියලා 5000 ක් දෙන්න කියනවා.බාර් ටික ඇරලා තිබුනාම මගේ අම්මේ ඊයේ කිලෝ මිටර් එක හමාරක් විතර තිබුණා පෝලිම”

No comments:

Post a Comment