Thursday, September 23, 2021

ඇමති විමලවීර පාර්ලිමේන්තු⁣ව දෙවනත් කරයි!


🔴ඇමති විමලවීර පාර්ලිමේන්තුව දෙවනත් කරයි!
🔴එන්නත්කරනය ගැන කථා කරයි,
යකෝ බෙල්ල මිරිකලා ඉන්ජෙක්ෂන් ගහන්නද?
🔴රාජපක්ෂවරුන්ට බනින කටවලට හෙන 07ම ගහන්න ඕනේ යකෝ!
🔴පච කියන රාමසානික්කම් කටට හොරි දාන්න ඕනේ!
🔴පණ්ඩුකාභය රජතුමාගේ ඉදලා සියලු රජවරුන්ට අලි ප්‍රශ්නේ විසදන්න බැරි වුනා!
🔴පරාක්‍රමබාහු රජතුමාටත් මිනිස්සු ගිහින් කියලා ඇති අලි ගහනවා කියලා!
🔴අලි මිනිස් ගැටුමට විසදුම අලි අගල් හා එල්ලෙන අලි වැට


දිගාමඩුලු දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක 2021/09/22 පාර්ලිමේන්තුවේදී 2021/අංක 02 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය පිණිස ඉසිරිපත් කලේය. හීලෑ අලීන් නියාමනය සදහා මෙම පනත ඇතුලත් කල අතර මීට කලින් 1991 දී එවැනි ගැසට් නිවේදනයක් ඉදිරිපත් කොට තිබුනත් ඒක පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබුණේ නැති නිසා මෙවැනි නියෝග මාලාවක් නැවත වතාවක් පනවන්න සිදු වූ බව කියා සිටියා. අලි ඇතුන් ගේ ඉතිහාසය ගත්තොත් ඉතිහාසය ඉතිහාසයේ ඉදලම අලි ඇතුන් පිට රටට විකුණලා තියෙනවා. ඇත්දළ විකුනල තියනවා. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මේ රටේ අලි ඇත්තු පිටරට යවලා තියෙනවා. සමහර සුද්දෝ අලි දාහක් මරලා සාද පවත්වලා තියෙනවා. සියක් මරලා සාද පවත්වලා තියෙනවා. නමුත් අද අලියෙක් මරා දැමීම බරපතළ වරදක් වෙලා තියෙනවා. දැන් සමහරු ගේනවා මිනිහෙක් මැරුනට වඩා අලියෙක් මැරුනහම තමයි වනජීවී එක වැඩ කරන්නෙ කියලා. ඒ වගේම සත්වවේදීන්ගේ සංවිධාන තියෙනවා. සත්වවේදීන් ඉන්නවා. ඒ වගේම අලි ආරක්ෂා කරන්න දැවැන්ත නීති පද්ධතියක් ගෙනහල්ල තියෙනවා. ඒ තමුන්නාන්සේලා දන්නවා ඊයේ පෙරේදා යාලෙදි ඇතාට වෙඩි තියලා ඇතාව කපලා දළ දෙක අරන් ගියා. ඇත්තුන්ට හක්කපටස් තියලා මාස ගණන් කන්න නැතුව තියලා කටින් පනුවෝ ගුලි ගුලි වැටෙනවා, මිනිස්සු ඔය වගේ අපරාධ කරනවා. ඒත් ඉස්සර වගේ දැන් අලි මරන්නේ නෑ. අලි ආරක්ෂා කරන්න විවිධ විදිවිදාන යොදලා තියනවා.
දැන් මම බුලත්විට කන එක ගැන කතා කරනවා. මං බුලත්විට කන්නේ මඩකලපුවෙ බුලත්විට කනමිනිස්සුන්ගේ ඡන්දය අරන් ආපු රාමසානික්කම් වගේ පඩිකම් කට තියෙන මිනිස්සු හින්දා. මං අක්කර පහ ගන්න දීලා තියෙනවලු කජු වවන්න මිනිස්සුන්ට. සහ ගහන කතා මේවා මෙච්චර පච අහන්න මිනිස්සු මඩකලපුවෙන් පාර්ලිමේන්තුවෙන් එව්වවේ ඇයි මම කල්පනා කරන්නේ. එක අක්කරයක් කජු වවන්න දීලා නෑ.
රාමසානික්කම් මන්ත්‍රී තුමා බාධා..... ..
එක අක්කරයක් කජු වගා කරන්න දීලා නෑ. අපි අක්කර 500ක් දීල තියෙනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට කජු වවන්න. කජු යවන්න විතරයි ඒ ඉඩම් අයිති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. එහෙනම් අඟලක්වත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට දෙන්නෙ නෑ. කජු වවන්න විතරයි දෙන්නෙ.
රාමසානික්කම් මන්ත්‍රිතුමා ගෙන් බාධා....
මන්ත්‍රිතුමා පච කෙලින් නැතුව වාඩිවෙන්න. ඔය කටේ හොරි දාන්න ඕනේ ඔයා කියන බොරු වලට.
අද සත්ව හා වෘක්ෂ ලතා පනතයි පාරිභෝගික පනතයි, මේ අලින්ගෙ ප්‍රශ්නය ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා විතරයි පැහැදිලි ප්‍රකාශයක් කළේ. අනිත් අයට මේකට යෝජනා සංශෝධන කිහිපයක් ගේන්න තියෙනවා. කරුමෙට අසංක අත්සන් කරපු මටමයි මේ සංශෝදන යෝජනා ටිකත් ගේන්න වෙලා තියෙන්නේ. කවුරුත් මේක හරියට කියවලා නෑ. දැන් අපි බලමු මොනාද වෙලා තියෙන්නෙ කියලා.
🔴2019 දී අලි 407ක් මැරුණා
මැරුණ කිවුවහම ස්වභාවික වත් මැරෙනවා වෙඩි තියලත් මැරෙනවා. හක්ක පටස් තියලත් මැරෙනවා. අලි වැව් වල එරිලත් මැරෙනවා. කොහොමද වුණත් හැමෝම හිතන් ඉන්නේ වෙඩි තියලා කපලා කොටලා මරලා කියලා. විපක්ෂ ප්‍රධාන සංවිධායක තුමනි මේ අලි වැඩි ප්‍රමාණයක් මිය යන්නේ ස්වාභාවිකව. මැරුණ කිවුවහම මරා දැම්මා කියලා හිතන්නේ.
🔴2020 දී අලි 328 දක්වා මරණ අඩු වෙනවා. මේ මගේ හපන්කමන්වත් සි බි රත්නායක ඇමතිතුමාගේ හපන්කමක් හින්දවත් නෙවෙයි. අලි 328 දක්වා මරණ අඩු වුණා. ස්වභාවික මරණත් අඩුවෙලා තියෙනවා.
🔴මේ අවුරුද්දේ මේ දක්වා අලි මිය ගිහිල්ලා තියෙන්නෙ 240යි. දැන් අඩුවෙලා. දැන් අපි මැජික් පෙන්නලා ද? නෑ අපි උත්සාහ කරනවා අලි මිනිස් ගැටුම අවම කරන්න.
අපි මේකට ගහලා තියෙනවා කිලෝමීටර් 4600ක අලිවැටක්. ඒ අලි වැට ආරක්ෂා කරන්න 4000 සිවිල් ආරක්ෂක භටයෝ යොදවලා තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නෙ අලි ඒත් ගමට එනවා නේ. නෑ මේ ප්‍රශ්නෙට කවුරුත් උත්තරයක් හොයා ගත්තා ද? පණ්ඩුකාභය රජ්ජුරුවන්ගේ කාලයේ ද මේ දක්වා කවුරුත් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා නෑ. පරාක්‍රමබාහු රජ්ජුරුවන්ටත් මිනිස්සු ගිහිල්ලා කියන්න ඇති අලි එනවා, අලි ගහනවා කියලා. දැන් අපි ඒකට විසඳුමක් හොයමින් ඉන්නවා. ඒකට සාර්ථක විසඳුම අලි අගල එකක්. අනිත් එක එල්ලෙන අලි වැට. මේ දෙකම දැන් අපි හොයාගෙන තියෙන්නේ. මේ දෙකම අපි ක්‍රියාත්මක කරනවා. දැන් මිනිස් මරණත් අඩු වෙලා තියෙන්නේ. අලි මරණත් අඩු වෙලා තියෙන්නේ. හැබැයි සාර්ථක මඳි.
මීට අමතරව අලි නිදහස් කිරීම අධිකරණය විසින් කල බවත් ජනාධිපතිතුමා සතු අලියා මිරිහානේ ගෙදරට අරන් නොගිය බවත් දෙණියායේ පන්සලකට පූජා කල බවත් විමලවීර දිසානායක ඇමති තුමා ප්‍රකාශකල අතර ඉන්පසු වීඩියෝවේ සදහන් එන්නත් කරනය ගැන කථා කලා. https://youtu.be/AdIEtLOxnjA
Galoya News

No comments:

Post a Comment