මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද 16දින සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02කට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මේ අතර ඔක්තෝබර් මාසය වනවිට සියලුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොලෙන් පොහොර මිලදී ගත හැකිවන පරිදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට ද පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙරටේ නිෂ්පාදනය කෙරෙමින් පවතින අතර කාබනික නයිට්රජන් හා පොටෑසියම් අවශ්‍ය තරම් ආනයනය කර ඇති බව ද හෙක්ටයාර් 01 කට නයිට්රජන් කි.ග්රෑ. 300 ක් හා පොටෑසියම් කි.ග්රෑ. 45 ක් බැගින් ගොවියාට නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය
#ගල්ඔය #News
No comments:
Post a Comment