අම්පාර රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය අසල නිතර වාහන රැදෙන නිසා රෝහල් කාර්යමණ්ඩල නිලධාරීන්ගේ වාහන රෝහල තුලට ඇතුල් කිරීමට නොහැකිව නිතරම වාහන තදබදයකි. අලුතෙන් ඉදිවන හදිසි ප්‍රතිකාර ඒකකය සමග ඇතිවන මාර්ග තදබදය සලකා අලුතෙන් ඉදිවූ මාර්ගය දෙපස අලංකාර දර්ශනයකි.
යුද සමයේ අම්පාර මහ රෝහලට තුවාලකරුවන් හෙලිකොප්ටර මගින් ඇතුලු කිරීමේදී හෙලිකොප්ටර නතර කිරීමට මේ මාර්ගය තිබූ ප්‍රදේශය භාවිතා කරණ ලදි.
අම්පාර මහ රෝහලේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය සදහා ලක්ෂ 500ක මුදලක් වැය කරමින් මේ වසරේ අප්‍රේල් 03 ඩබ්.ඩී. වීරසිංහ මැතිතුමා සහභාගීවෙමින් වැඩ කටයුතු ආරම්භ කලා. නමුත් එහි වැඩ තවමත් අවසන් නොවීම කණගාටුවකි. රෝහලේ මෝචරිය දෙසට යන මාර්ගය තවම අබලන්, මාර්ග ඉදිකිරීම සදහා යොදාගත් වාහන මාස ගනනක් රෝහල් භූමියේ දමා ගොස් ඇත. උඩින් කාපට් තට්ටුවක් අතුරා ඇතත් එහිද සමතල බවක් නැත.
ගල්ඔය News
No comments:
Post a Comment