Friday, October 15, 2021

මහ කන්නය සදහා සේනානායක සමුද්‍රයේ ජලය නිකුත් කරයි


මෙවර මහ කන්නය සදහා ප්‍රධාන ජලාශවලින් ජලය නිකුත් කිරීම ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


ඒ අනුව අද පෙරවරු 8ට යෙදුන සුබ මොහොතින් සේනානායක සමුද්‍රයේ ජලය මුහදාහැරුණු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා සදහන් කළේ.

මෙවර මහ කන්නය සදහා කිසිදු බාධාවකින් තොරව ජලය සැපයීමට හැකියාව ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා පෙන්වා දුන්නා.

සමස්තයක් ලෙස ප්‍රධාන ජලාශවල ජල පරිමාව මේවනවිට සියයට 45ක පමණ මට්ටමක පවතින බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම මීළග යල කන්නය නියමිත කාලයට පෙර ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවද අබේසිරිවර්ධන මහතා සදහන් කළා.
ගල්ඔය News

No comments:

Post a Comment