Wednesday, March 2, 2022

හෙට අම්පාර කාලගුණය


හෙට අම්පාර කාලගුණය, අහස වැහි වලාකුලින් පිරී පැවතියද වැසි ඇද නොහැලෙන ස්වභාවයක් දවස පුරා දැකිය හැකිය. හිරු එලිය සවස් කාලයේ පමණක් පතිත විය හැකිය.

 මහඔයටද මෙවැනි කාලගුණයක් පැවතියද උදෑසන කාලයේ මහඔයට වැසි පතිත විය හැකිය. හෙට අම්පාර දිස්ත්‍රික්කයේ නැගෙනහිර වෙරළ දෙසින් මහ මුහුදේ දැඩි වැසි සමග සුලි කුණාටුව ගමන් කරයි.
Galoya News
කාළගුණ විද්‍ය දෙපාර්තමේන්තු නිවේදනය
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේ දී (මාර්තු 03, 04 සහ 05 දින වල) ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී (40-50) දක්වා වැඩි විය හැකි බව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

No comments:

Post a Comment