Monday, June 27, 2022

විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි අම්පාර පාසල් පවත්වාගෙන යයි


දැනට රට සතුව පවතින සීමිත ඉන්ධන තොගය ආරක්ෂා කිරීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන 10 වනදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය, විදුලිය, පොලිසිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කරනු ඇ

ත.

අන්තර් පළාත් ප්‍රවාහන සේවා බොහෝ දුරට නතර කිරීමට සිදුවනු ඇති බවත් කෙටිදුර සේවා ලංගම මගින් පවත්වාගෙන යනු ඇති බවත් ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කොළඹ කලාපයේ පාසල් සහ නගරාශ්‍රිත පාසල් ලබන 10 වනදා දක්වා වසා තැබෙන අතර ග්‍රාමීය පාසල් පවත්වාගෙන යාම විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි සිදුකෙරේ.

මේ හේතුවෙන් සෙසු කාර්යාල සහ කටයුතු නිවසේ සිට කිරීමට රජයෙන් උපදෙස් දෙන බවයි අමාතය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටින්නේ.

වරාය, සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් සහ කෙටි දුර ප්‍රවාහන සේවා, අපනයන සහ සංචාරක කර්මාන්තය සඳහා පවතින සීමිත ඉන්ධන තොග නිකුත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පවතින තත්ත්වය හමුවේ අන්තර් පළාත් අතර සංචාර කටයුතු අත්හිටුවීමට සිදුවන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මේ අතර ජුලී මස 10 වෙනිදායෙන් පසුව අඛන්ඩ ඉන්ධන සහ ගෑස් සැපයීමට අවශ්‍ය කටයුතු නිසි ක්‍රමවේදයක් අනුව සිදුකිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මෙය රට වැසීමක් නොවන බවත් හැකිතාක් නිවසේ සිට කටයුතු කරන ලෙසයි මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ. #Srilankan #Srilanka #lka #Lanka #Ceylon
#Srilanka #Ampara #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya

No comments:

Post a Comment