Monday, June 27, 2022

ඩීසල් සදහා විසඳුම බයෝඩීසල්


ඩීසල් ප්‍රශ්නයට බයෝ ඩීසල් විසදුම
රටක් විදිහට ඉන්ධනයක් ලෙස බයෝ ඩීසල් භාවිතා කලහොත් භයානක වැරදි තීරණයක් බවත් අපේ රට එවැනි තීරණයකට යෑම විද්‍යාත්මක වශයෙන් වැරදි තීරනයක් ⁣බවත් මොරටුව විශ්වවිද්‍යාලයේ ජෛ්ෂ්ඨ කථිකාචාර්ය රුචිර විජේසේන ම

හතා වීඩියෝවක් මගින් ප්‍රකාශ කලා. ඊට අමතරව රටක් ලෙස අප බයෝ ඩීසල් සදහා යොමුවන්නේනම් එය කරන්න පුලවන් ආකාරයත් වීඩියෝවක් මගින් ඉදිරිපත් කලා. මෙහිදී බයෝඩීසල් නීෂ්පාදනය කිරීමට මෙතනෝල් වලට සෝඩියම් හයිඩ්‍රෙක්සයිඩ් (NaOH) එකතු කොට ලැබෙන ද්‍රාවනයට එලවලු තෙල් එකතු කොට ලැබෙන ද්‍රාවනයෙන් කෙලින්ම ඩීසල් ලබාගත හැකියි. නමුත් මේ සදහා යොදන එලවලු තෙල් සොයාගැනීමේදී තිරසාර නැති බවත් ශුද්ධ වශයෙන් සෘන ලාභයක් ඇතිවන බවත් ප්‍රායෝගික නොවන යෙදවුමක් බවත් අදහස් දැක්වූවා, නමුත් ශ්‍රී ලංකාවට ඇල්ගී මගින් තෙල් ලබාගෙන බයෝඩීසල් නිපදවීම ඉතා සාර්ථක බව මොරටුව විශ්වවිද්‍යාලයේ ජෛ්ෂ්ඨ කථිකාචාර්ය රුචිර විජේසේන මහතා ඔහුගේ නවතම වීඩියෝවෙන් ඉදිරිපත් කලා
Galoya News

No comments:

Post a Comment