Monday, February 6, 2023

බඹර ප්‍රහාරයකට ලක්ව 12 හැවිරිදි කුඩා දරුවෙක් මිය යයි


බඹර ප්‍රහාරයකට ලක්ව 12 හැවිරිදි කුඩා දරුවෙක් මියගිය පුවත අම්පාර,උහන, කුමාරිගමින් වාර්තා වෙයි.

ඊයේ (02) දහවල් කාලයේ උහන, කුමාරිගම ප්‍රදේශයේ ගසක තිබූ බඹර කූඩුවක් උකුස්සන් විසින් කඩා දැමීමත් සමඟ ඇවිස්සුනු බඹරුන් උකුස්සා ලුහුබැදි පාරේ, මෙම දරුවා සිටි නිසා බඹර ප්‍රහාරයට මේ දරුවා ලක්වී ඇත, ඇගම වසා සිටි බඹරුන්ගෙන් බේරීමට දරුවා වතුරට වැටී පසු සිහිමුර්ජා වී තිබේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවා අම්පාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇත.

උහන ජාතික පාසලේ 7 C ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මලින්ත දරුවාගේ හදිසි වියෝවෙන් මුලු ප්‍රදේශයම කම්පාවට පත්ව ඇත.
#galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon
#Srilanka #Ampara #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya

No comments:

Post a Comment