Thursday, February 20, 2020

ගණිකාවක් වීම ගැටලුවක් නොවේ ගනිකාවගේ හැකියාවෙන් අන් අයට ලාභ ඉපයිය නොහැක.

"ගණිකා වෘත්තියෙන් ජීවිකාව ගෙන යන්නේ නම් නඩු පැවැරිය නොහැක"

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ලබාදුන් ආන්දෝලනාත්මක නඩු තීන්දුව....!

ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයන්නේ නම් කිසියම් කාන්තාවක් ගණිකා වෘත්තියේ නිරතවීම ශ්‍රී ලංකා නීතිය තුළ වරදක් නොවන බව තීරණය කරමින් පොලීසිය විසින් රඳවාගෙන සිටි තායිලන්ත ජාතික කාන්තාවක් කොළබ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් පසුගියදා (13) නිදහස් කර හරින ලදි.


යම් පුද්ගලයෙකු ව්‍යාපාරයක් ලෙස කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන්නේ නම් මිස මුළුමනින්ම හෝ අමතර වශයෙන් ගණිකා වෘත්තියෙන් ජීවිකාව ගෙන යන තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකා නීතිය තුළ ප්‍රතිපාදනයක් නොමැති බව ද තීරණය විය.

පැරණි නඩු තීන්දු දෙකක් උදාහරණ වශයෙන් ඉදිරිපත් කළ ගරු මහේස්ත්‍රාත්තුමන් විසින් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලද්දේ ගණිකා නිවාසයක් කලමණාකරනය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට ශ්‍රී ලංකා නීතිය මගින් බාධාවක් නොමැති බවයි.

ඒ අනුව අදාල ගණිකා නිවාසය කළමණාකරනය කරන ලදැයි සැකකරනු ලබන තායිලන්ත ජාතික කාන්තාවට එරෙහි නඩු විභාගය එළඹෙන ජූනි මස 04 දින පැවැත්වීමට නියමිතය. 
මේ අනුව ගනිකාවක් වීම ලංකා නීතියට අනුව ගැටලුවක් නොවන අතර. ගනිකාවගේ ශ්‍රමයසූරා කෑම ලංකා නීතියට අනුව ගැටලුවකි. 

No comments:

Post a Comment