Monday, April 13, 2020

ලෝක බලවතුන්ගේ රෙදි ගැලවූ විකිලීස් කතෘ දශකයකට ආසන්න කාලයක් සිර මැදිරියක සිටියත් වසර 2 හා වසර1ක පිරිමි දරුවන් දෙදෙනෙක්


ඉක්වදොරයේ වසර 07ක් හා බ්‍රිතාන්‍යයේ වසර 01ක් එක දිගට සිර දඩුවම් විදින විකිලීස් වෙබ් අඩවි කතෘ ජුලියන් අසාන්ජ්ට අවුරුදු 3ක සහ අවුරුදු 1 ක දරුවන් සිටී.
කොරෝනා වසංගතය සමග ඉතා දුර්වල ප්‍රතිශක්තීකරනයක් ඇති අසාන්ජ් නිදහස් කරන්නැයි ඇගේ  37 හැවිරිදි බිරිද ස්ටෙලා බ්‍රිතාන්‍යය රජයෙන් ඉල්ලීමක් කලද ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොමැත.


 විකිලීක්ස් නිර්මාතෘවරයා සිරගත කර ඇත්තේ, හිතාමතාම මාරාන්තික රෝගයකට ගොදුරු කිරීමට යැයි ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් ප්‍රකාශකොට තිබුනි.
විකිලීක්ස් විසින් සමූල ඝාතන වීඩියෝ සහ ලෝක බලවතුන්ගේ රහස් එලිදරව් කල ලෝක බලවතුන්ට හිසරදයක්වූ  වෙබ් අඩවියකි.
විකිලීස් ශ්‍රී ලංකාවේද යුද සමයේ ඇමෙරිකාව සමග පැවැත්වූ රහස් ලිපිලේඛන ප්‍රසිද්ධ කොට එවකට පාලනයේ ගැරහුමකට ලක්වූ වෙබ් අඩවියකි.
ලෝකේම නිරුවත හෙලිකල මේ අපූරු වෙබ් කතෘ වසර 10ක් සිරබත් කද්දී අවුරුදු 2ක හා 1ක දරුවෙකු සිටින්නේ කෙසේදැයි ලාංකිකයන්ට ගැටලුවකි.
විකිලීස් සත්‍ය හා නිවැරදි පුවත් පලකිරීමේ සංකේතයක් ලෙසත් ජාත්‍යන්තර මාධ්‍ය තුල ප්‍රචලිතය.

No comments:

Post a Comment