අප්‍රේල් 19 වනදායින් පසු ශ්‍රී ලංකාව කොරෝනා රෝගයෙන් තුරන් රටක් වන බවට තමන් ප්‍රකාශ නොකළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසයි.
"කිසිම වෙලාවක මම කිව්වෙ නැහැ රට විවෘත කරන කතාවක් හෝ එහෙම නැත්නම් දවස් කීපයක් ඇතුළත මේ රටින් සම්පූර්ණ ලෙඩේ පහව යනවා කියන කතාවක්. මම
කිව්වෙ අපට දවස් 30ක් යනකොට සාමාන්‍යයෙන් රෝගීන් සිටිනවා නම් රෝග ලක්ෂණ පහළ වෙන්න ඕනි දවස් 14ක් ඇතුළත. ඉතිං ඒවගේ දෙගුණයක්, ඒවගේ සර්කල්ස් දෙකක් යනවා කියන එක පමණයි මම කිව්වෙ.
පුළුවන් තරම් පරීක්ෂණ වැඩි කරනවා. ඒ කියන්නෙ මේ රෝගය ලංකාවෙන් සදහටම තුරන් වෙනවා කියන එක නෙවෙයි, යම්කිසි එකක් දෙකක් තැනින් තැන මතුවෙන්න ඉඩක් තියෙනවා. එහෙම නෑ කියනවා නෙවෙයි. අපි දිගින් දිගටම මේ පරෙස්සම, අපි මේ මීටරයක් දුරින් ඉඳගෙන මේ ලෙඩේ බෝවීම නවත්ත ගන්න කරන කාරණා අපි ඉටුකළ යුතුයි " යනුවෙන් ඇය ප්‍රකාශ කලාය.

No comments:
Post a Comment