Monday, April 13, 2020

මිය යන covid -19 ආසාදිතයෙකුගේ දේහයේ අවසන් කටයුතු සිදුකල යුතු ආකාරය රජය නිවේදනය කරයි.


මිය යන covid -19 ආසාදිතයෙකුගේ දේහයේ අවසන් කටයුතු සිදුකල යුතු ආකාරය රජය නිවේදනය කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරියගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින්  කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය අයෙකුගේ දේහය සම්බන්ධව කටයතු කළ යුතු ආකාරය පෙන්වා දී තිබේ.  

නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ, බලධරයාගේ අධීක්ෂණය යටතේ සෙල්සියස් අංශක 800 සිට 1200ක් දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45 සිට පැයක් දක්වා කාලයක් දේහය සම්පූර්ණයෙන් දැවී යනතෙක් ආදාහනය සිදු කළ යුතු බව ද මෙම ගැසට් නිවේදනයේ දැක්වේ.


මියගිය තැනැත්තාගේ මෘත දේහය නිසි බලධරයා විසින් නම් කරන ලද ආදාහන කටයුතු භාරගෙන සිටින තැනැත්තන් හැර වෙනත් කිසිවෙකුට භාර නොදිය යුතු බවට ද මෙමගින් විධාන සළසා තිබේ.

මෘත දේහය හසුරුවනු ලබන තැනැත්තන්ගේ ඇඳුම සහ නැවත භාවිත කළ නොහැකි පෞද්ගලික ආරක්ෂණ උපාංග ආදාහන අවස්ථාවේදී මීනි පෙට්ටිය සමග පුළුස්සා දැමිය යුතුයි.

නැවත භාවිත කළ හැකි උපාංග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධානවලට අනුව විෂබීජහරණය කළ යුතු බව ද, එම ගැසට් නිවේදනයේ දැක්වේ.
ඒ අනුව එවැනි මෘත දේහයක් සෙල්සියස් අංශක 800 ත් සෙල්සියස් අංශක 1200 ත් අතර උෂ්ණත්වයකදී  විනාඩි 45 සිට පැයක කාලයක් ආදාහනය කළ යුතුය.
එමෙන්ම ඥාතින් ඉල්ලා සිටින්නේ නම් දේහය ආදාහනය කිරීමෙන් පසුව භෂ්මාවශේෂ බාරදිය හැකිය

No comments:

Post a Comment