Monday, May 18, 2020

කළු මුහුදේ ඉදිවුන යුරෝපයේ දිගම පාලම ඉදිකොට වසර 02යි.

කළු මුහුදේ ඉදිවුන යුරෝපයේ දිගම පාලම ඉදිකොට වසර 02යි.
ක්‍රිමියාව (Crimea) නැගෙනහිර යුරෝපයත්, ඊසාන දෙසින් කුඩා අසෝව් (Azov) මුහුදින් හා කළු මුහුදින් වටවී ඇති අර්ධද්වීපයකි. 
 
 ක්‍රිමියාව අතීතයේදී හැඳින් වූයේ 'ටොරික්‌ අර්ධද්වීපය' 

(Tauric Peninsula) යන නමිනි. 

භූ දේශපාලනික මර්මස්ථානයක් වූ ක්‍රිමියාවේ පාලනය සදහා වසර ගනන් යුද්ධ පැවතුනි. ක්‍රිමියානු යුද්ධ නිසා ලොවට ලැබුනු එකම දායාදය 'ෆ්ලෝරන්ස්‌ නයිටිංගේල්ය'  (Florence Nightingale) බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්‌ වූ ඇය 'පහනක්‌ අතින්ගත් කාන්තාව' (The Lady With The Lamp) යනුවෙන් ලොව වටා ප්‍රසිද්ධ විය. ක්‍රමියානු යුද්ධයට මැදිව ඇය සියලු පාර්ශ්වයන් හි හමුදා සෙබළුන් සුවපත් කලාය.
ක්‍රිමියාව භූදේශපාලනික විවිධ කදවුරුවල පාලනයන්ට නතුව 2014 සිට පාලනය නැවත රුසියාවට ඈදා ගෙන ඇති අතර, ඇමෙරිකාව මෙම පාලනයට එරෙහිව සම්බාධක යොදා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ඈදා ගැනීමට දොස් පවරන්නේ හිටපු ජනාධිපති ඔබාමාට වන අතර, රුසියාව මෙම තත්වය මායිම් නොකර 19km දිග පාලමක් කළු මුහුදේ ඉදිකලේය. මැයි 15වන දිනට වසර 02ක් වන පාලම ක්‍රිමියානු ඇමෙරිකානු තහංචි අභිබවා ක්‍රිමියානු සංචාරක කර්මාන්තයත් ක්‍රිමියානු  ආර්ථිකයත් ලැබූ විශාල ජයකි. රුසියානු නගර 11 කින් ක්‍රිමියාවට පැමිණීමට දුම්රිය පැමිනෙන අතර, ශ්‍රී ලංකා රුසියානු තානාපති කාර්යාලය පවසන්නේ මෙම පාලම හරහා වාහන මිලියන 10කට වඩා මේවන විට ගමන් කර ඇති බවයි.
ගල්ඔය News

No comments:

Post a Comment