Saturday, May 16, 2020

ශ්‍රී ලංකා-අමෙරිකා සහයෝගීතාව නිසා මෙරටින් උසස් නිෂ්පාදන ගෝලීය පාරිභෝගිකයන්ට ලැබෙනවා

ශ්‍රී ලංකාවත් අමෙරිකා එක්සත් ජනපදයත් අතර ඇති සහයෝගීතාව හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට ගෝලීය පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙන බව ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රා


ජපක්ෂ මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ බ්‍රැන්ඩික්ස් සමාගම විසින් අපනයනය සඳහා නිෂ්පාදනය කරන ලද ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත පසුගිය දා සංකේතාත්මකව බාරදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

උසස් ප්‍රමිතියෙන් යුතු ව මුහුණු ආවරණ මිලියන 200 ක් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කර ඇත.

එහිදී අදහස් පළ කළ බැසිල් රාජපක්ෂ මහතා COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය මුහුණු ආවරණ මිලියන 200 මෙන් ම මෙරට නිෂ්පාදනය කෙරෙන විවිධ නිෂ්පාදන එක්සත් ජනපදය වැනි රටවලට අපනයනය කිරීමට හැකි වීම පිළිබඳ ආඩම්බර වෙන බව පැවසුවේය.

එම ගමනේ දී තම සම්පත් යොදා ගනිමින් බ්‍රැන්ඩික්ස් වැනි ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් පෙරට පැමිණීම පිළිබඳ බෙහෙවින් සතුටු වෙන අතරම වත්මන් සහ අනාගත වෙළඳපොළ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දියුණු යටිතල පහසුකම් හා ක්ෂණිකව අනුගත වීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ ඇති බවට ගෝලීය වෙළෙඳපොළට ඇඟවීමට එමඟින් හැකි වී තිබෙනවා යැයිද එහිදී රාජපක්ෂ මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාටත් බ්‍රැන්ඩික්ස් සමාගමටත් සිය කෘතඥතාව පළ කර සිටියාය.

සමස්ත ලෝකය ම වසංගත තත්ත්වයට එරෙහිව සටන් වඳිමින් සිටින මෙවන් මොහොතක, මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන බවත් එම රාජ්‍යයන් දෙක අතර සහයෝගීතාව නිසාම COVID-19 වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදු කිරීමට හැකි වී තිබෙන බවත් ඇය කීවාය.

මෙම මුහුණු ආවරණ සඳහා භාවිත කෙරුණු රෙදි ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනය කිරීමත් විෂබීජවලට ප්‍රතිරෝධී නිමාව සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය එක්සත් ජනපදයෙන් ලබා ගැනීමත් සහයෝගිතාව හරහා සැමට ප්‍රතිලාභ හිමිවන බව තවදුරටත් තහවුරු කරන බවද පැවසු ඇය ඉදිරියේදී පුද්ගල ආරක්ෂණ මෙවලම් (PPE) කට්ටල සඳහා වන ගෝලීය සැපයුම තිරසර අන්දමින් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයත් බ්‍රැන්ඩික්ස් සමාගමත් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද පැවසුවාය.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

දිනමින

No comments:

Post a Comment