Wednesday, May 13, 2020

ශ්‍රී ලංකාවේ බැංකු අතරින් 2020 ඉහලම වටිනාකමින් යුත් සන්නාමය ලංකා බැංකුව⁣.

ශ්‍රී ලංකාවේ බැංකු අතරින් 2020 ඉහලම වටිනාකමින් යුත් සන්නාමය ලංකා බැංකුව⁣.
======================================

ශ්‍රී ලංකාවේ බැංකු අංශය සන්නාම ශේණිගත කිරීමේදී සෑම වසරකම අඛණ්ඩ ආධිපත්‍යය දරයි. මෙවර අභියෝගාත්මක ආර්ථික තත්වයන් වර්ධනයට බාධාවක් වී තිබුන නිසාවෙළඳ නාම වල පහත වැටීමක් ඇත.මුළු වෙළඳ නාම වටිනාකම මේ වසරේ 3.3% කින් පහත වැටී ඇත.
 වටිනාකම රු.  බිලියන 47.9 ක් ව

න ලංකා බැංකු සන්නාමය ගියවර අගයට වඩා අගය 7% කින් පහත වැටුණද,  BOC හි විශාල පාරිභෝගික පදනම සහ කර්මාන්ත සදහා කල මෙහෙය නායකත්වය, ඩිජිටල් පරිණාමනය සමඟ වේගයෙන් අනුගත වීමස්වයංක්‍රීයකරණය සාධක මත මෙම තත්වය ලබාගෙන ඇත. 

පාරිභෝගිකයන්වේගවත් හා වඩා හොඳ සම්බන්ධතාවයක් ඉල්ලා සිටින මොහොතක වඩා හොඳ බැංකු අත්දැකීම් ලබා දීම ගැන විශ්වාසයක් තැබිය හැකි වන්නේ පසුපසින් සිටින මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව හා සම්පත් බැංකුව ගියවර සන්නාම වටිනාකමට වඩා මෙවර සන්නාම වටිනාකම මූල්‍යමය වශයෙන් වැඩිකර ගැනීමෙනි.

ශ්‍රී ලංකාවේ අනෙකුත් සන්නාම අතරින් දෙවන ස්ථානය දිනාගන්නේද ලංකා බැංකුව වන අතර පලමු ස්තානය Dialog සන්නාමය දිනාගෙන තිබේ. 
පුරෝගාමී සන්නාම තක්සේරුකරණ සමාගමක් වන Brand Finance Lanka, ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාම පිළිබඳ 17 වන වාර්ෂික සමාලෝචනය නිකුත් කරමින් ලංකා බැංකුවට මෙම තත්වය ලබා දී තිබේ.

No comments:

Post a Comment