හෙක්ටයාර1800ක් පමණ වන බුද්දන්ගල අභය භූමිය වන ජීවින් බහුලව වෙසෙන භූමියකි. විශේෂයෙන් වන අලි විශාල ප්‍රමාණයක් මෙහි වාසය කරයි. අම්පාර කෙතරම් කාර්මික නගරයක් වුවද ඒ හරහා පිටවන කාබන් උරා
ගැනීමට හැකි තරම් වනාන්තරයක් තිබීම අම්පාර ජනතාව ලැබූ වාසනාවකි. අනාගතයේ අම්පාර ඉතා සුන්දර නගරයක් බවට පත්වන්නේ මේ අභය භූමියේ සුරක්ෂිතතාව මතයි.
මෙම අභය භූමිය වානිජ පරමාර්ථ වෙනුවෙන් භාවිතා කිරීමට තැත් කල හැම මොහොතකම භික්ෂූන් වහන්සේලාත් උදාර ගල්ඔය පුරවැසියනුත් මැදිහත්ව මේ අභය භූමියක් ලෙසම මතු පරපුරට දායාද කලෝය.
නමුත් අද මෙම අභය භූමියම පොලිතින් මාරයා උදුරා ගන්නේ මෙහි මුලු ජෛව විවිධත්වයටම හානියක් ගෙන එමිනි. මුලු අභය භූමිය පුරාම පොලිතීන් වලින් කිලිටු වී ඇත. මීට හේතු 2ක් අපට පෙනී යයි.
1. පැරණි නගර සභා කුණු ගොඩ ගැසූ ස්ථානය තවමත් වසා දමා නැති නිසා සුලග මගින් අභය භූමියේ කොටසක පොලිතීන් පැතිර යයි. මෙය අභය භූමිය ගිල ගන්නා තරම් ගැටලුවක් නොවේ.
2. උක්ත කුණු අංගනයේ කුණු කෑමට වන අලින් පුරුදුව ඇත. මේ කුණු සමග පොලිතීන්ද අලියා ආහාරයට ගනී. මේ වන අලින්ගේ අසූචි (අලි බෙටි) අභය භූමිය පුරා විසිරී ඇත. අභය භූමිය පුරාවට සිතාගත නොහැකි පොලිතීන් ප්‍රමාණයක් අලි බෙටි සමග විසිරී ඇත. මේ පොලිතීන් මාරයා බුද්දන්ගල අභය භූමියේ සුන්රත්වයටත් ජෛව විවිධත්වයට හා පැවැත්මටත් මහා තර්ජනයක් කරමින් පවතී.
ගල්ඔය News








No comments:
Post a Comment