රොබරෝසියා වසන්තයක් ගැන අම්පාරෙ මිනිස්සුන්ට ලොකු අදහසක් තිබුනේ නෑ. ඒත් මල් පිපීමෙන් ඇති වන පාරිසරික වෙනස, ඒ සුන්දරත්වය නැරඹීමට විදීමට බලාසිටින පිරිසක් නුවර කොළඹ හා වෙනත් රටවල සිටින බව, ඒ වගේම පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ රොබරෝසියා
වසන්තයේ ආදරවන්තයන් ප්‍රේමය ඇති සැටියෙන් විදින හැටි කථා අසා තිබෙන්න ඇති.
අම්පාර වගේ වියලි කලාපයක රොබරෝසියා වසන්තයක් හා ඒ හා බැදුනු සංස්කෘතියක් බිහිවෙලා තිබුනේ නෑ. ඒත් අම්පාර දක්ෂ ජායාරූප ශිල්පියෙක් අම්පාරට රොබරෝසියා වසන්තය අරන් ඇවිත්,
30 අවුරුදු යුද්ධයත් ආර්ථික දුෂ්කරතාවයෙන් ගත කල කාලයත් නිසා මේ රොබරෝසියා ගස් මෙතරම් ලස්නයිද කියා අම්පාරේ මිනිස්සු දැනන් හිටියේ නෑ. ඒත් අද අම්පාරේ තරුණ හදවතක් (කවිෂ්ක ගිහාන්) මේ මද්දහනක සැගවුන ප්‍රේමණිය ඇගවුම තම දෙනෙතින් ආශ්වාදයට ලක්ව අම්පාරට අපූරු ආදර පණිවුඩයක් රැගෙන ඇවිත්. මේ රොබසියා ගස්වල සුන්දරත්වය කොතරම් වින්දත් ඒ තුලින් මතුවන දෙයක් නම් නැතිවෙයි. වෙසක් පොසොන් සමග රොබරෝසියා මලින් පිරී ඉතිරී යන අම්පාර නගරයේ සුන්දරත්වය විදින්නත් පිරිසක් පුරුදු වේවි. ඇත්තටම මේ රොබරෝසියා වසන්තයේ ආශ්වාදය අම්පාරට හදුන්වා දුන්නු කවිෂ්ක ගිහාන් තරුණයාගේ ස්වභාවදහමේ ආශ්වාදයෙන් පුපුරු ගෑ දෙනෙතේ නැවතුම අම්පාරේ හැමොටම අමතක කල නොහැකි වේවි.
ඒ වගේම ලෝකයේ සුපිරි නගර වල සුපිරි පැලැන්තියක ආශ්වාදයන් සදහා ගොඩ නැංවුන උයන්වල පැලවුන මේ රොබරෝසියා අම්පාර සුන්දර නගරයක් කිරීමේ බලාපොරොත්තු ඇතිව, පේරාදෙනිය උද්හිද උද්‍යානයෙන් ගෙනැවිත් රෝපණය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වූ, හිටපු අම්පාර නගරාධිපති වූ චන්ද්‍රදාස ගලප්පති මහතා මේ රොබරෝසියා වසන්තයේ නිර්මාණකාරුවායි.
1979 අම්පාර නගරාධිපතිව සිටියදී චන්ද්‍රදාස ගලප්පති මහතා මෙම රොබරෝසියා ගස් සිටුවා ඇත. මෙවැනි ගස් අමිපාර නගරයේ තැන් කිහිපයක දැකිය හැකි අතර ඒ බොහෝ තැන් ගලප්පත්ති මහතාට හිතවත් කම් ඇති ස්ථාන වේ.
අම්පාර මහරෝහල ඉදිරිපිටද රොබරෝසියා මල් පිපි අලංකාර වනවා මේ දිනවල දැකගත හැකිය.
ගල්ඔය News




















No comments:
Post a Comment