Wednesday, May 13, 2020

මුහුනු ආවරණය දාපු වෙලේ ඉදන් මූන කසනවද?


මුහුනු ආවරණය දාපු වෙලේ ඉදන් මූන කසනවද? මුහුණ ස්පර්ශ කිරීම වෙනුවට විකල්ප ප්‍රතිචාර ශරීරයට හදුන්වා දීම...
====================================
නාසයේ ඇති වන කැසීමක්, නළලේ ඇති වන සියුම් හිරිවැටීමක් ආදිය නො සලකා සිටීම සැබෑ ම අභියෝගයකි. ඔබ කළ යුත්තේ එ

වැනි ස්පර්ශ අවශ්‍යතාවන් සඳහා මුහුණ ස්පර්ශ කර ප්‍රතිචාර දක්වනවා වෙනුවට විකල්ප ප්‍රතිචාරයක් නිර්මාණය කිරීමයි. මේ සඳහා ඔබට අත් මිට මෙළවීම, අත්ල යුගල කලවාවලට යට කර ඒ මත වාඩි වීම, අත් දෙක සෘජුව පහළට දිගු කිරීම ආදී ඕනෑ ම ප්‍රතිචාරයක් යොදාගත හැකි ය. වැදගත් කරුණ වන්නේ එම විකල්ප ප්‍රතිචාරය විනාඩියක් වත් දක්වා පවත්වාගෙන යෑමට හැකි විය යුතු වීමයි. එම කාලය තුළ එම මුල් අවශ්‍යතාව බොහෝ විට නැති ව ගොස් තිබෙනු ඔබට නිරීක්ෂණය වනු ඇත. මෙලෙස මුහුණ ඇල්ලීම වෙනුවට වෙනස් ප්‍රතිචාරයක් නිතර ම පාහේ හුරු කරගත් විට මුහුණ ඇල්ලීමට යොමු නො වී ස්වයංක්‍රිය ව එම ප්‍රතිචාරය දැක්වීමට ශරීරය හුරු වේ.

නොකර ම බැරි තැන
මේ සියලු‍ උත්සාහයන් දැරූ පසුවත් සමහර විට ඔබට මුහුණ ස්පර්ශ කිරීමේ වුවමනාව 
වළක්වාගැනීමට නොහැකි තත්ත්ව මතු වීමට ඉඩ ඇත. උදාරණයක් ලෙස සමහර විට කැසීමක් 
අඛණ්ඩ ව පැවතිය හැකි අතර කෑම ගැනීමකින් පසු ආහාර කැබැලි ආදිය තවමත් මුව වටා රැඳී තිබෙන බව ඔබට තේරුම් යා හැකි ය. ඒ සඳහා මුහුණ ස්පර්ශ කිරීම අත්‍යවශ්‍ය ම විය හැකි නමුත් වැදගත් කරුණ වන්නේ ඉහත විකල්ප ක්‍රියාවලිය හරහා මේ වන විට ඔබ එයට අවිඥානික ව ප්‍රතිචාර දැක්වීමෙන් වැළකීමට හුරු ව තිබීමයි. එබැවින් ඔබට මුහුණ ඇල්ලීමට පෙර අත් හොඳින් සෝදාගැනීම හෝ ටිෂූ කැබැල්ලක උපකාරයෙන් මුහුණ ස්පර්ශ කිරීම වැනි සවිඥානික ආරක්ෂිත ප්‍රතිචාරයක් ඊට දැක්විය හැකි ය.
උපුටා ගැනීමකි.

No comments:

Post a Comment