උහන, දෙහිඅත්තකණ්ඩිය හා පන්නල්ගම පදිංචි අම්පාර කොන්ඩුවටුවන හමුදා කදවුර තුළ දින දහහතරක් නිරෝධායනයට ලක් වූ පිරිස හෙට දිනයේදී නිවෙස් බලා පිටත් කරනු ලබන අතර වසංගත රෝග ඒකකයේ උපදෙස් අනුව හෙට දින සිට තවත් දින හතක් නිවෙස් තුළ නිරෝධායන විය යුතුවේ. මෙම සියලුම දෙනාගේ PCR පරීක්ෂණ
negative වූ අතර ඔවුන් නිවෙස් වෙත පැමිණීම හෝ තව සතියකින් සමාජගතවීම පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැති අතර සහෝදරත්වයෙන් ඔවුන්ව පිළිගනු ඇතැයි බලාපොරොත්තු වෙමු. යම් හෙයකින් ඔවුන් අතරින් කෙනෙකුට උණ, කැස්ස, අධික මහන්සිය, උගුර බැරැන්ඩිය, හුස්ම ගැනීමේ අපහසුව ආදී Covid - 19 බවට සැක කළ හැකි රෝග ලක්ෂණ ඇතිවේ නම් වහාම අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට හෝ මහජන සෞඛ්‍යය රීක්ෂකවරයාට දැන්විය යුතු වේ. එවිට එය තවදුරටත් පවුලේ අයට හෝ සමාජයට පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අප විසින් කටයුතු කරනු ලැබේ.
අම්පාර වසංගත රෝග විද්‍යාඥ වජිර රාජපක්ෂ

No comments:
Post a Comment