අම්පාර covid-19 පරාජයේ දිනුම සොයන්නට පිරිසක් උත්සාහ ගනිද්දී, සැබෑ ලෙසම covid-19 මරුවා සමග සටන් කරන සටන් කල යුතු සැබෑ විරුවන්ට ඒ සටන අත්හැරීමට හැකියාවක් නැත.
සියලු වෛද්‍යවරු හා සියලු
වෛද්‍ය කාර්ය මණ්ඩල සිය ජීවිත අවදානම පවා නොතකා මේ covid-19 රෝගීන් සමග ගැටීමට සිදු වේ, සමහර විට රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිත පුද්ගලයන් වෙනත් රෝග සඳහා පැමිණ සිටිය හැකි විටදී පවා සිය ජීවිත අවදානම ද නොතකමින් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු හා වෛද්‍යකාර්ය මණ්ඩලවලට සිදුවේ. අත නොහැරිය හැකි සටන මෙයයි.
අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, සිය කාර්ය මණ්ඩල නිලධාරින් සඳහා අවශ්‍ය මුහුණු ආවරණ ඔවුන් විසින්ම සකස්කර ගැනීම ආරම්භකොට ඇත.
අපි අපිම ආරක්ෂා කර ගනිමු ...
Covid-19 මාරයා පරදවමු...
ඒ ඔවුන්ගේ තේමාවයි.
සටන අවසන් නැත, සුව විරුවන් අවසන් වශයෙන්ම මේ අවිනිශ්චිත සතුරා පරදන තෙක් මාරාන්තික සටනක...
ගල්ඔය News



No comments:
Post a Comment