28 දින තම නිවසේදී මිය ගොස් සිටි පනස් හැවිරිදි රන්මැනිකාගේ දේහය පරීක්ෂා කල උහන පොලීසිය, ඔහුගේ කඩවත සිටි පුතා සහ ස්වාමි පුරුෂයා ගෙන්වා ඔවුනට ඇයගේ දේහය භාර දුන්නේ අම්පාර අධිකරණ වෛද්‍ය
නිලධාරී වාර්ථාව ලබාගැනීමෙන් පසුවයි.
හුදකලා මරණයක් ලෙස ගම්වාසීන්ට පෙනුනත් උහන පොලීසියේ අභිනව පත්වීම් ලද උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එෆ්.ඩී.එන්. කරුණාරත්ත මහතාගේ පොලිස් පරීක්ෂණයට මෙම තත්වය යටත් නොවීය.
පොලිස් බල්ලන් යොදා ගම පරීක්ෂා කිරීමෙන්ද සාර්ථක නොවුන මෙම පරීක්ෂණය, රන්මැනිකාගේ සියලු සබදතා සොයා පරීක්ෂාවට ලක් විය. මෙහිදී ලද තොරතුරක් හබා ගිය උහන පොලිස් නිලධාරීන් උහන ලාතුගල ප්‍රදේශයේ පදිංවි 28 හැවිරිදි තරුණයකු හා ඔහුගේ 21 හැවිරිදි තරුණ බිරිඳ හබායෑම ඇරඹීය.
කලක් විදේශගතව සිට හරිහම්බ කොටගත් දෙයින් කුඩා කඩයක් පවත්වාගෙන ගිය රන්මැනිකාගේ ගෙල පැලදි මාලය ඇයට අවාසනාවක් ගෙන දෙන්නේ යැයි කිසි දිනක ඇය නොසිතන්නට ඇති. එදින කඩයට පැමින සැකකාර ජෝඩුව රන් මැනිකාගේ ගෙල බැදි රන්මාලයට කෙල හලා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙලිව ඇත. මාලය සොරකම් කිරීමේ පරමාර්ථය පෙරදැරිව රාත්‍රී රන්මැනිකාගේ ගෙට ගෙවැදුන ජෝඩුව රන්මැනිකාට කථා කොට ඇත්තේ දරුවාට පැන්ඩෝල් පෙත්තක් ලබා දෙන ලෙස ඉල්ලමිනි. කරුණා ගුණයෙන් නිවසේ සිට කඩයට පැමිණි රන්මැනිකාගේ නිවසට පැන ගත් තරුණයා රන්මැනිකා බඩු ලබා දී නිවසට පැමිනෙන තෙන් මාණ බලා සිට ඇයගේ මාලය කඩාගෙන පැනයන්නට තැත් කලද රන්මැණිකාගේ කෑගැසීම වැලැක්වීමට ගෙල මිරිකා මරාදමා ඇත.
ඉන් නොනැවතී බිරිද ඉදිරියේ ඇයව දූෂණය කොට ඇයගේ නිවසේ තිබි තවත් රන්භාන්ඩ හා ආහාර ද්‍රව්‍ය සොරාගෙන ඇත. සොරාගත් ආහාර එදිනම පිස අනුභව කොට රන් භාන්ඩ පොලොවේ වලලා ඇත.
පොලිස් පරීක්ෂණ වලදී මේ සියලු දේ ලබා ගෙන ඇත. කිරිපිටි, හාල්, කුකුළු මස්, සිගරැට් පැකට් හා බිඩි මිටි මේ අතර තිබී ඇත.
මිනිසුන් නොසිතන අමනුෂ්‍යයන් බදු මේ තිරිසන් හැගීමේ ක්‍රියාකාරිත්වයේ වටිනාකම ලක්ෂ 1.5ක් වත් නැත. හේන් ගොවිතැන් කරමින් ජීවිකාව ගත කරන ලාතුගල මිනිසුන්ටනම් මේ දේ හිතාගන්නටවත් බැරිය. සතා සිවුපාවගෙන් ජීවිතය බේරාගෙන, බොන වතුර ටිකට දහ දුක් විද ස්වභාවදහමේ රිද්මයට වැටෙන වැසි දිහා බලා සිට, නගරයට සැතපුම් ගනනක් දුරින් ජීවිතය ගැට ගසා ගන්නා ගැමියන් කිසි දිනෙක මේවැනි ක්‍රමයකින් මුදල් සෙවීමට නොසිතයි.
නමුත් මෙවැනි සුන්දර ගම්මානයක් මැද මෘගයන් බදු මිනිසුන්ගේ ජීවිත තුලටද එබී බැලීමද වටි. මෙම සැකකරු සිය බිරිඳ බාල වයස්කාර දැරියකව සිටියදී ඇයට ලිංගික අතවර කර ඇති අතර ඒ සම්බන්ධ නඩුව තවමත් අම්පාර මහාධිකරණයේ විභාග වෙමින් පවතී. අතවර කල දැරිවියම විවාහ කොටගෙන ඇය හෝටල් කාඹර තුලදී විකුණා මුදල් සොයන ජාවාරමකද තරුණයා නිරතවන බව ගම්මු කියයි.
මුදල් දෙවියන් වූ සමාජයක දෙවියන් දුක් මහන්සියෙන් වැද සතුටු වනු පිරිස් මැද, සමාජ සාරධර්ම අභියෝගයකට ලක්කරන මෙවැනි වංචනිකයන්ද ඇත. ස්වභාවදහම තුල මිනිසාට සංසාර පැවැත්මක් ඇත. එය දිගුකරගන්නා මෙවැනි මෘගයන් ලෝකය විවිධාකාර ලෙස රමණය කරයි. මහ රහතුන් වැඩි මහා පින්බිමකට පිටුපසින් මහා ශිෂ්ඨාචාරයක නොවිසුදුනු ගැටලු මහපොලොවේ දරාගත් ලාතුගල ගම්මානයම තම සභ්‍යත්වයේ හැගීමෙන් තම ගමට ලැබුනු අවනම්බුවේ වෙිදනාවෙන් හඩනවා නියතයි.
දැන් මෙම සැකකාර ජෝඩුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුනට නඩු පවරා ඇත. කුඩා කල තමන්ට අතවර වූ නඩුවට අමතරව තවත් මිනී මැරුම් නඩුවකට මුහුණ දීමට දැන් සැකකාර බිරිදට සිදුව ඇත. අධිකරණය මෙම නඩුව විභාගයට ගෙන යුක්තිය ඉටු කරනවා ඇත.
උහන පොලීස් නිලධාරීන් මෙවැනි කටයුත්තකදී දැක්වූ දක්ෂතාවය සහ උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එෆ්.ඩී.එන්. කරුණාරත්ත මහතාගේගේ මග පෙන්වීම යටතේ සැගවීමට ගිය සමාජ මෘගයන් සමාජයට එලිදක්වා ඇත. ලජ්ජාවෙන් හා සොවින් පිරුනු ලාතුගල ගම්වාසීන්ගේ කෝපය නිවෙන තුරු මේ සැකකරුවන් ගම්මානයට නොඑන තරමට හොද බවයි ගම්වාසීන් පවසන්නේ.
මීට පෙර පුවත.
https://m.facebook.com/story.php?story_fbid=136528331309976&id=106849990944477
ගල්ඔය News

No comments:
Post a Comment