අම්පාර ද ෆිනෑන්ස් ශාඛාව මහ බැංකුව මැදිහත්ව වසා දමයි. සියලු ගෙවීම් කටයුතු සෙලාන් බැංකුවේ අම්පාර හෝ මිලේනියම් ශාඛාවට තැන්පත් කරන ලෙස මහ බැංකුව ඉල්ලා සිටී. පොලී ආදායමෙන් ජීවත් වූ අම්පාර ජෛ්ෂ්ඨ පුරවැසියන් අමාරුවේ....
1940 වර්ෂයේ දී ආරම්භ කරන ලද ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආ
යතනය අද වන විට වසර 80 ක ඉතිහාසයක් සහිතව තවමත් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැඳී පවතින ආයතනයකි. ආයතනය සතුව ශාඛා 46 ක් සහ සේවා ස්ථාන 12 ක් පවතින අතර 600 කට ආසන්න පිරිසක් සේවය කරයි. අම්පාර නගරයේද පැරණි ගොඩනැගිල්ලක ද ෆිනෑන්ස් ආයතනය පිහිටා තිබුනි.
2008 වර්ෂයේ සෙලින්කෝ සමූහයේ ආයතන කිහිපයක ඇති වූ මූල්‍ය අර්බුදය හේතුවෙන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය දරුණු බලපෑමකට ලක්විය.
එතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ක්‍රියා මාර්ග ගණනාවක් ක්‍රියාත්මක කර ඇත.
ආයතනයේ සෘණ ප්‍රාග්ධනයක් පැවතියද, නව තැන්පතු භාර ගැනීම හරහා ආයතනය මුදල් ප්‍රවාහ අවශ්‍යතාවන් සපුරා ගන්නා ලදී. කෙසේ වුවද, ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය ප්‍රමාණවත් ආදායමක් ඉපයීම සඳහා සුදුසු මුදල් ව්‍යාපාර සැලසුමක් අනුගමනය නොකරන බව මහ බැංකුව දිගින් දිගටම දක්නා ලදි.
covid -19 වසංගතය සමග ද ෆිනෑන්ස් අර්බුදය උග්‍ර අතකට පැමිණ ඇති අතර තැම්පත් කරුවන්ගේ පොලී මුදල් ලබා දීමේ හැකියාවක් නැති තත්වයකට පත්ව ඇත . පොලියක් ගෙවන්නේනම් ඒ ඉතා අඩු පොලියක් වන අතර පොලී ආදායමෙන් ජීවත් වූ ජෛ්ෂ්ඨ පුරවැසියන්ට මෙය මරු පහරකි. කෙසේ වුවද ද ෆිනෑන්ස් හි ආයෝජනය කිරීමට මෙතෙක් ආයෝජකයෙක් නොපැමිණියත් රජයට පවරා ගනීවියයි ආරංචියක් පසු ගිය කාලයේ තිබුනි.
ගල්ඔය News





No comments:
Post a Comment