covid-19 වෛරසය ආසාදනයෙන් නේපාලයේ සිදුවූ ප්‍රථම මරණය ඊයේ වාර්තා වුණා. මිය ගොස් ඇත්තේ මෑතකදී දරු ප්‍රසූතියක් සිදු කළ 29 හැවිරිදි කාන්තාවක්.
නේපාලයේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ද 281 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 90 ක් පමණ ඈතින් වූ ප්‍රදේශයක පදිංචි අදාළ
කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහලවෙත රැගෙන යන විටයි මෙලෙස මිය ගොස් ඇත්තේ. ඇය කොවිඩ් 19 ආසාදනයෙන් මිය ගොස් ඇති බව තහවුරු වී ඇතැයි නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශය පසවු සඳහන් කළා. මෙම කාන්තාව මැයි 06 දරු ප්‍රසූතිය සිදු කල අතර පසුදින ඇය රෝහලෙන් පිටත්ව ඇත. දින කිහිපයකින් පසු හුස්ම ගැනීමේ අපහසුතා සමග ප්‍රාදේශීය රෝහල වෙත යවන ලද අතර, ප්‍රාදේශීය රෝහලේදී දුලිබෙල් වෙත යොමු කල අතර අතර මගදී මෙසේ මියගොස් තිබුනි.
නේපාලයෙන් පිටත මිය ගිය නේපාල වැසියන් ගනන 73කි.
නේපාලය යනු වසංගතය සදහා විදිමත් ක්‍රමයකට covid-19 ජය ගැනීමට තරම් පහසුකම් නොමැති රටකි. මුලදී කිසිදු නිරෝදායනයකින් තොරව නේපාලය තුල ආසාදිතයන් හොදින් මිශ්‍ර විය. විදෙස් රටවලින් පැමිණි පිරිස්ද නිරෝදායනයකින් මෙසේ සමාජගත වූ අතර සමාජය තුල රෝගය කෙසේ ඇත්දැයි විමසා බැලීමටවත් මුලදී පරීක්ෂණ ක්‍රියාවක් සිදු නොවීය. කෙසේ නමුදු නේපාලය තුල මෙම වෛරසය ආසාදනය ඉතා අඩු අගයක් ගනී.
අතීතයේ නේපාලයේ SARS සහ සූකර උණ ඇතිවීමේ අවදානම වෙනත් තැන්වල තරම් ඉහළ මට්ටමක නොතිබුනි.

No comments:
Post a Comment