Monday, May 18, 2020

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරිමට නියමිතය.


ආසන 60000ක ධාරිතාවයකින් යුක්තව ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරිමට නියමිතය.

මෙම ඉදිකිරීම සඳහා වන යෝජිත භූමි ප්‍රදේශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ

 නිරීක්ෂණයට ලක්විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ඇතුළු පිරිසක්ද එක්වූහ.

අක්කර 26ක භූමි ප්‍රදේශයක ඉදිවන මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකිවන පරිදි ඉදිකිරීමට නියමිතය.

මෙහි පළමු අදියරේදී ආසන 40000ක පහසුකම් සහිතව ඉදිකරන අතර දෙවැනි අදියරේදී තවත් ආසන 20000ක් ඉදිකිරීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment