ඉන්දියාවේ COVID-19 ආසාදිතයන් ගණනට සාපේක්ෂව මිය යන ගනන අඩු සංඛ්‍යාවක් වුවද මේ වන විට ඉන්දියාවේ ආදාහනාගාරයන් අලුතෙන් ඉදිකිරීමට සිදුව තිබෙන අතර දිනපතා ලැබෙන මල සිරුරු ඉහල යෑම සමග එම කාර්යන්හි නියුතු සේවකයන් දැඩි වෙහෙ
සකට පත්ව ඇත. අලු රැගෙන යාමටවත් සමහර විට ඥාතීන් නොපැමනෙන අතර පැමිනෙන අයද පැය ගනන් රස්තියාදු වන තැනකට පත්ව තිබේ. මෘතශරීරාගාර පිරී ඇති නිසා ඒවායෙන් රෝගය පැතිරීයාමේ අවදානම ඉහල තැනකට පත්ව ඇත.
ඉන්දියාවේ ගරා වැටුනු රෝහල් පද්ධතිය රෝගීන්ගෙන් පිරී ඉතිරී පවතින අතර රෝගියෙන්ගේ තොරතුරක් ලබා ගැනීමට දින ගනනාවක් යන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
රට විවෘත කිරීම සමග මෙම තත්වය සීග්‍ර වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු අගවා ඇති අතර ඉන්දියාවේ මිලියන ගනනක් මිය යනු ඇතැයි අපේක්ෂා කරයි.
විශාල නාගරික ප්‍රදේශ ද ඇතුලුව රටේ බොහෝ ප්‍රදේශවල කොරෝනා වෛරසය දැන් විශාල වශයෙන් පැතිරී ඇති අතර, සෞඛ්‍යා සේවා පහසුකම් හිඟ ග්‍රාමීය ප්‍රදේශ කරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
සති 3ක කාලයකදී ආසාදිතයන් දෙගුණ වූ අතර ලොව ලක්ෂ 05 රෝගීන් ඉක්ම වූ 04වන රට බවට ඉන්දියාව පත්ව ඇත.
රොගීන්ගේ හා මිය ගිය රජයේ නිල සංඛ්‍යා ලේඛණ පරස්පර බව එරට මාධ්‍ය වාර්තා කරන අතර ලොව දරුණුතම ඛේදවාචකය දකුණු ආසියාව බව අප මීට කලින්ද වාර්තා කලෙමු.
දකුණු ආසියාවේ පකිස්තානය,බංගලිදේශය, නේපාලය, ඇෆ්ගනිස්තානය තත්වයද මීට නොදෙවෙනි අතර, පාලනයක් මෙහි නැත.
මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වුන ඉහලම රොගීන් 20000 අද වාර්තා වන අතර ඉන්දියාවේ සෞඛ්‍ය සේවා දිනෙන් දිනම පිරිහී යන බවට තොරතුරු වාර්තා වේ.
ගල්ඔය News












No comments:
Post a Comment