ඉන්දියාවේ දිල්ලි අගනුවරට සමීප අර්ධ නාගරික ප්රදේශයක් වන ගුර්ගාඔන් වෙත විනාශකාරී පළඟැටි ආක්‍රමණය පැතිර ගොස් ඇති බව වාර්තා වේ.
ගුරුග්රාම් ලෙස ද හඳුන්වන මේ ප්රදේශයට මේ ආකාරයෙන් පළඟැටි උවදුර බලපෑවේ ප්‍රථම වතාවට බව වාර්තාකරුවෝ පවසති. මේ සිද්ධිය නි
සා පැමිණ ඇති පළඟැටියන්ගෙන් නගරයේ ගොඩනැඟිලිවල වහල සහ වාහන මතුපිට හා වාහනවල උන්ගෙන් පිරී ගොස් ඇතැයි වාර්තා සඳහන් කරයි.
මෙවර සිදු වූ පළඟැටි ආක්‍රමණය දශක ගණනාවකින් ඉන්දියාවට බලපෑ විශාලතම උවදුරක් වන අතර, මේ සතුන් අප්රිකානු ප්රදේශ හරහා පකිස්තානයටත් ඒ හරහා ඉන්දායාවටත් පැමිණ ඇති බව වැඩිදුරටත් වාර්තා සඳහන් කරයි. මේ නිසා ප්‍රාන්ත කිහිපයකම විශාළ වශයෙන් අස්වනු හානි සිදු වී තිබේ. නගරයේ දකුණු සහ බටහිර ප්රදේශවල සිටින දිස්ත්‍රික් බලධාරීන්ට මේ ගැන අවධානයෙන් සිටින ලෙස දිල්ලි පරිසර ඇමැති ගෝපාල් රායි දැනුම් දී තිබේ.
දිනකට 150kmක් පියෑඹිය හැකි මෙම පළගැටියා දිනකට 2kg ක ආහාර ගනී.
ගල්ඔය News

No comments:
Post a Comment