Tuesday, June 30, 2020

අර­න්ත­ලාව භික්ෂු ඝාත­න­යට වග­කි­ව­යු­ත්තන්ට නඩු පවරන්න ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක්


අර­න්ත­ලාව භික්ෂු සමූහ ඝාත­න­යට වග­කි­ව­ යුතු දැනට ජීවත්ව සිටින ත්‍රස්ත­වාදී සාමා­ජි­ක­යන්ට එරෙ­හිව විම­ර්ශන කට­යුතු සිදු­ කර නඩු පැව­රී­මට පිය­වර ගන්නා ලෙස නීති­ප­ති­ව­ර­යාට සහ වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­ර­යාට නියම කරන ලෙස ඉල්ලා ඊයේ (30) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හ

මු­වෙහි මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ගොනු කරන ලදී.
1987 වසරේ ජූනි මස 02 දින භික්ෂූන් වහ­න්සේලා 31 නමක් කපා කොටා කෲර ලෙස ඝාත­නය කළ එම ත්‍රස්ත­වාදී ප්‍රහා­ර­යෙන් දිවි ගල­වා­ගත් ආඳා­උ­ල්පත බුද්ධ­සාර හිමි මෙම පෙත්සම ගොනු කෙළේය.

එකී ඝාතන සිද්ධි­යේදී තමන්ට සිදුවූ හානිය වෙනු­වෙන් රුපි­යල් මිලි­යන විස්සක වන්දි මුද­ලක් ලබා­දෙන ලෙස රජ­යට නියෝග කරන ලෙස පෙත්ස­මෙන් ඉල්ලා තිබේ.

එම ඝාතන සිද්ධියේ වින්දි­ත­යන් සියලු දෙනාගේ පවු­ල්වල සාමා­ජි­ක­යන්ට සුදුසු වන්දි මුද­ලක් ලබා­දෙන ලෙස රජ­යට නියම කරන ලෙස පෙත්ස­ම්කාර හිමියෝ ඉල්ලා සිටිති. වැඩ­බ­ලන පොලි­ස්පති සී. ඩී. වික්‍ර­ම­රත්න, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙන­රාල් සාලි සහ නීති­පති මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති.

1987 වසරේ ජූනි මස 02 දින හෑගොඩ ශ්‍රී ඉන්ද­සාර නායක හිමි­යන් ඇතුළු සාම­නේර හිමි­ව­රුන් තිස්දෙ­නකු සහ සිවිල් වැසි­යන් සිව්දෙ­නකු දළදා මාලි­ගාව, කැළණි විහා­රය ඇතුළු සිද්ධ­ස්ථාන වැඳ­පුදා ගැනී­මට පිටත් වූ බව පෙත්ස­ම්කාර හිමියෝ පව­සති. අර­න්ත­ලාව ප්‍රදේ­ශ­යේදී බස් රථය ගමන් කරන අව­ස්ථා­වේදී එය ක්ෂණි­කව නතර වූ අතර “හාමු­දු­රු­වනේ කොටි කොටි” යනු­වෙන් බස් රථයේ රිය­දුරු කෑ ගැසූ බව පෙත්ස­මෙහි සඳ­හන් වේ.

විශාල මන්නා පිහි සහි­තව බස් රථ­යට කඩා­වැ­දුනු කොටි සාමා­ජි­ක­යන් භික්ෂූන් වහන්සේ කෲර ලෙස කපා කොටා දැමූ බව පෙත්ස­මෙහි සඳ­හන් වේ. අන­තු­රුව ත්‍රස්ත­වා­දීන් දිගට හර­හට වෙඩි තැබූ බව ද සඳ­හන් වේ.

No comments:

Post a Comment