Sunday, July 12, 2020

ඇමෙරිකානු හමුදාවට ගිය අම්පාර මුවංගල තරුණයා


හීන හීනම නොවී සැබෑ කර­ග­න්නට තත­නන බොහෝ දෙන­කුට ඔහු පූර්වා­ද­ර්ශ­යකි.මේ අපූරු කතාව හීන ඇහි­දින්න මාවත් පුරා සරන සැම වෙනු­වෙනි. පසු­ගිය දින­වල ජන­මා­ධ්‍ය­වල හා විශේ­ෂ­යෙන් ස

මාජ මාධ්‍ය ජාල­වල කියැ­වුණේ අපේ හමු­දා­වට බැදෙන්න උස මදි වී ලොව ප්‍රබ­ල­තම ඇමෙ­රි­කන් හමු­දා­වට බැදුණු ශ්‍රී ලාංකික තරු­ණ­යෙකු ගැනය. මෙම තරු­ණයා අම්පාරේ උපන් මුවං­ගල, හිගු­රාණ ප්‍රදේ­ශයේ ජීවත් වූ අනුජ පූජිත ගුණ­ව­ර්ධන නැමැති අයෙකු බවද,ඔහුගේ පියා හිගු­රාණ සීනි සංයුක්ත මණ්ඩ­ලයේ සේවය කළ බවද සඳ­හන් වී තිබුණි. නමුත් පියාගේ නමක් හෝ පවුලේ කෙනෙක්ගේ නමක් හෝ සද­හන් වී නොති­බුණි.

නමුත් මේ ලියු­ම්ක­රුද හිගු­රාණ සීනි සංයුක්ත මණ්ඩ­ලයේ සේවය කළ අයෙක් නිසා පියා පිළි­බද තොර­තුරු සොයා ගැනී­මට අප­හ­සු­වක් නොවීය. පසුව පදිංචි ප්‍රදේ­ශය පිළි­බඳ තොර­තුරු දැන­ගත් අප ඔහු සොයා ඔහුගේ අම්පාර, හිගු­රාණ, මුවං­ගල, ග්‍රාම 04 පිහිටි නිව­සට ගොඩ වැදු­ණෙමු. දුටු මතින් අප හඳු­නා­ගත් ඔහු ''ආයු­බෝ­වන් එන්න එන්න'' කියා ආචා­ර­ශී­ලීව පිළි­ගන්නා ලදී. ඔහු නමින් ප්‍රසාද් පූජිත කුමාර වන අතර ප්‍රදේ­ශයේ කා අත­රත් ප්‍රසිද්ධ වී ඇත්තේ '' ප්‍රින්සි'' නමිනි. ප්‍රින්සි ද එදා හොඳ නිවේ­ද­ක­යෙකි; ප්‍රදේ­ශයේ ජන­ප්‍රිය ගාය­ක­යෙකි. එව­කට රටේ ජන­ප්‍රිය ගාය­ක­යකු වූ නිහාල් නෙල්ෂන් ගේ සම්පූර්ණ ස්වරූ­පය, කොණ්ඩය කට­හඩ හා ගායන විලා­සය ද ( action) සම්පූ­ර්ණ­යෙන් ම ප්‍රින්සිට පිහිටා තිබිණි. එව­කට අම්පාරේ පැවැත් වූ ජන­ප්‍රිය ගාය­ක­යන්ගේ සංගීත සංද­ර්ශන වේදි­කාවේ ප්‍රින්සිට ද ගීත­යක් ගැයී­මට ද අව­ස්ථාව ලැබිණි.

අපි ප්‍රින්සි­ගෙන් පුතා පිළි­බද තොර­තුරු විම­සු­වෙමි. පුතා ඉප­දුණේ අම්පාර රෝහලේ දී. ඒ 1984 අගෝස්තු 07 වැනි දාය. සම්පූර්ණ නම '' ප්‍රින්ස් අනෝජ් පූජිත කුමාර ගුණ­ව­ර්ධන '' යි. පවුලේ වැඩි­මලා ඔහු ය. බාල සහෝ­ද­රි­යන් තුන්දෙ­නෙක් සහ එක් සහෝ­ද­ර­යෙක් ඉන්නවා. ඉන් සහෝ­ද­රියෝ දෙදෙ­නෙක් දැනට ඉන්නේ

ඇමෙ­රි­කාවේ. අනෝජ් පුතා හා පුරා කියා අකුරු කලේ අම්/මුවං­ගල මහා විද්‍යා­ලයේ ය. පස්සේ අම්පාර ගාමිණි විද්‍යා­ල­යට දැම්මා. මගේ පවුලේ අනික් දරුවෝ ගියෙත් ගාමිණි විද්‍යා­ල­ය­ටයි. පුතා ඉගෙන ගන්න හරි දක්ෂයි. හැම­දාම පන්තියේ පළ­වෙ­නියා. නමුත් 05 වසර ශිෂ්‍යත්ව විභා­ග­යෙන් ‍ෆේල්. ප්‍රති­ඵල ආ දවසේ පුතාට

වැඩිය දුක්වුණේ පන්ති­භාර ගුරු­තු­මි­යයි. මම කිව්වේ කමක් නැහැ පුතා ගණන් ගන්න එපා. 05 ශිෂ්‍ය­ත්වය කියන්නේ මොන විභා­ග­යක්ද අපි යමු එස්.එස්.සී. විභා­ග­යට. එහෙම කියලා හිත හැදුවා.

පුතාට ගාමිණි විද්‍යා­ලයේ ශිෂ්‍ය නායක ධූර­යක් ලැබුණා. මිනිහා ඒක ගත්තේ නැහැ. එයාගේ පන්තියේ ළඟම යාළු­වට දුන්නේ නැහැ කියලා. පස්සේ මම ඉස්කෝ­ලෙට ගිහිල්ලා ගුරු­වරු සමග කතා කළ පසු නැවත ශිෂ්‍ය­නා­යක පද­විය දුන්නා. පුතා අනිත් දරු­වන්ට වඩා බොහොම වෙනස්. නිවිච්ච සන්සුන් පුද්ග­ල­යෙක්. රණ්ඩු සරු­වල්

වලට යන්නේ නැහැ. හැම­දාම වාගේ ස්කූල් බස් එසේ ළමයි එයාගේ '' කැප් '' ගලවා ගන්නවා. ගෙදර ඇවිත් මට කිය­නවා. මට ඉතින් කැප් අරන් දීලා ඉව­ර­යක් නැහැ. මල්ලී කොලො­ප්පම් කර­නවා අයි­යට. අපෝ තාත්තේ අයියා ගෑනි­යෙක් වගේනේ කියලා. පුතා කොහේ­වත් යන්නේ නැහැ. ඉරි­දට හිගු­රාණ උත්තර ජය මහා

විහා­ර­ස්ථා­නයේ දහම් පාස­ලට යනවා. දහ­ම්පා­සලේ වැඩ වල­ටත් දක්ෂයා. හාමු­දු­රු­වොත් හරි ආද­රෙයි පුතාට.

පුතා එස්.එස්.සී. විභා­ගය හොදින් පාස් කළා. ඒ 08.01 යි. ප්‍රති­ඵල වලින් පස්සේ පුතා හමු­දා­වට යන්න ඕනි කියලා අම්මට කියලා තිබුණා. ඒ දව­ස්වල පුතා ඇග­ප­තින් කෙට්ටුයි. මම කිව්වා එයාට ආමි යන්න බැහැ. හොඳට කාලා මුලින් ඇග හදා ගන්න කියලා. නමුත් මටත් හොරා එයා යුද හමුදා සම්මුඛ පරී­ක්ෂ­ණ­යට ගිහින් තිබුණා.

මම කියපු උත්ත­රේම ඒ අයත් කියලා ආපහු එවලා තිබුණා. හැම­දේම කියන්නේ අම්මට තමයි. පස්සේ පසු කාලයේ උස­ස්පෙළ කරන්න කොළඹ යැව්වා. ආන­න්ද­යට හා ලුම්බි­ණි­යට දාන්න ට්‍රයි කලා. ඒත් දාගන්න බැරි වුණා. ඒ 9 තියෙන අය තමයි ඒවට ගත්තේ. පස්සේ මම පුතාව මර­දානේ අශෝක මහා විද්‍යා­ල­යට දැම්මා.

පුතා මම වගේම නිවේ­දන කට­යුතු වලට, ගීත ගාය­න­යට, නැටුම් වලට දක්ෂයි‘

අනෝජ් ගේ සීයා මේ වන විට ජීව­තුන් අතර නැත. ඔහු ද හිගු­රාණ සීනි ආය­ත­නයේ සිටි කෘෂි­කර්ම නිල­ධා­රි­යෙකි. අනෝජ් ගේ ආච්චි අම්මා තව­මත් නිරෝගි සම්ප­ත්ති­යෙන් යුතුව ඇගේ වැඩි­ම­හලු දිය­ණි­යගේ සෙවණේ. මහ ගෙදර පසු­වෙයි. ඇය නමින් ඊ.එම්. ප්‍රනා­න්දුය. වයස අවු­රුදු 82 ක් වන ඇය අනෝජ් පිළි­බඳ මත­කය මෙසේ දිග හැරියා.

'' අනෝජ් පුතා පුංචි කාලයේ මා ලග තමයි වැඩි කාල­යක් හිටියේ. එයා හම්බෙ­න­කො­ටත් මම තමයි ළග හිටියේ. හරිම ප්‍රිය මනාප අහිං­සක දරු­වෙක්. කවු­රු­වත් ගැහු­වත් කර­බා­ගෙන ඉන්නවා. පාසලේ හොද තැනක් තියා­ගෙන හිටියේ . හැම­දේ­ටම දක්ෂයි. මට ඇවිත් ඔක්කොම කිය­නවා. දහම් පාසලේ වැඩ­ටත් හරි දක්ෂයි. මඩිහේ පඥා­සිංහ නායක

හාමු­දු­රුවෝ අපේ මහ­ත්ත­යාගේ ඥාති වෙනවා. පුතා කොළඹ ඉන්දැද්දී උන් වහ­න්සේ­වත් ඇසුරු කළා. දඩ­බ්බර දේවල් කිසි දෙයක් කළේ නැහැ. නැටුම් වල­ටත් හරි දක්ෂයි. පොඩි කාලේ ඇවිත් මට නටලා පෙන්න­නවා. අපි කව­දා­වත් හිතුවේ නැහැ අනොජ් පුතා හමු­දා­වට බැදෙයි කියලා. අපි හිතු­වේම මහණ වෙයි කිය­ල­යින. ඒත් මට හරි සතු­ටුයි එයා ඇමෙ­රි­කන් හමු­දාවේ නිල­යක් දර­නවා කිව්වම. මට වරින් වර කෝල් කර­නවා. ආච්චි අම්මා තමයි අපිව පොඩි කාලයේ හැදුවේ කිය­නවා. මම ආච්චි අම්මා බලන්න ළග­දීම එනවා කියලා කිය­නවා. ඊයේ රෑ මාව හීනෙන් දැක්කා කියලා දැන් ටික­කට ඉස්සෙල්ලා කෝල් කරා. මට ඉතින් හරිම සතු­ටුයි. ''

උසස් පෙළ සමත් වූ අනෝජ් කැඩෙට් නිළ­ධා­රි­යකු ලෙස නැවත හමු­දා­වට බැඳෙන්න ඉල්ලුම් පත් දමා සම්මුඛ පරී­ක්ෂ­ණ­යට ගියත් එහි දීද ඔහුට අව­ස්ථාව නොලැ­බිණ. ඒ නිසා ඔහු පුද්ග­ලික ගුව­න්වි­දුලි සේව­යක නිවේ­ද­ක­යෙකු ලෙස සේව­යට බැඳුණි. එහි ටික කලක් සේවය කර ඉන් ඉවත් වූ ඔහු පුද්ග­ලික දුර­ක­ථන සමා­ග­මක සේව­යට බැදී ඇත. එහිද ටික කලක් සේවය කරද් දී මැද­පෙ­ර­දිග රැකි­යා­වට විදේ­ශ­ගත විය. ඒ 2008 වර්ශයේ දීය. කුවෙට් හා අබු­ඩාබි යන රට­වල රැකි­යාව කළ ඔහු නැවත ලංකාව පැමිණ පුද්ග­ලික සමා­ගම මෙහෙ­යුම් කළ­ම­ණා­ක­රු­වකු ලෙස සේව­යට පත් විය. ඒ අත­රම ඔහු කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ උපාධි පාඨ­මා­ල­වක් ද හදා­රන්න පටන් ගත්තේ ය. කලක් ගත වෙද්දී ඔහු වෙත වාස­නාව ගෙන එමින් ඇමෙ­රි­කානු ග්‍රීන් කාඩ් ලොත­රැ­යි­යක් ඇඳුණි. ඒ අනුව ඔහුට ඇමෙ­රි­කා­වට යෑමට වාස­නාව පෑදුණි. ඒ වන විට උපාධි පාඨ­මා­ලා­වද අව­සන් වී තිබුණි. ඒ නිසා ඔහු ඇමෙ­රි­කාවේ විශ්ව­වි­ද්‍යා­ල­යක මූල්‍ය අංශ­යක සම්බන්ධ පාඨ­මා­ලා­ වක් හැදෑ­රී­මට ඇතු­ළත් විණි. යුද හමු­දා­වට බැඳෙ­න්නට ඔහුට තිබූ ආසාව යළි පණ ලබන්නේ එහි දී ය. දිනක් විශ්ව විද්‍යා­ලයේ වැඩ­මු­ළු­වට පැමිණි ඇමෙ­රි­කන් හමුදා නිල­ධාරි කණ්ඩා­ය­මක සිටි එක් උසස් නිල­ධා­රි­යෙක් ඇමෙ­රි­කන් යුද හමු­දා­වට බැඳෙන්න කැමති දැයි අනෝජ් ගෙන් විමසී ය. '' ඉබ්බා දියට දැමූ කල ඇන්නාවේ'' කීවාක් මෙන් අනෝජ් ද එක පයින් කැමැත්ත පළ කළේය.

ශ්‍රී ලංකාවේ අම්පාර වැනි ඈත දුෂ්කර ප්‍රදේ­ශ­යක ඉප­දුණු '' ප්‍රින්ස් අනෝජ් පූජිත කුමාර'' නම් නිහ­ත­මානී නිවිච්ච තරු­ණයා අද වන විට ලෝක පූජිත මහා බල­ගතු ඇමෙ­රි­කානු යුදධ හමු­දාවේ අධි­තා­ක්ෂ­ණික හෙලි­කො­ප්ටර් අලුත් වැඩියා රෙජි­මේ­න්තුවේ නිල­ධා­රි­යෙකි. හීන හැබෑ කර­ග­න්නට අවශ්‍ය ධෛර්යය පමණි.
සිළුමිණ
රවීන්ද්‍ර මරදගෙදර

No comments:

Post a Comment