Sunday, July 12, 2020

අම්පාර අතිරේක බෝග වගාව හරි හරියට


යල මහ කන්න අත­ර­මැද අති­රේක වගා­වත් හරි­හ­රි­යට කරන අම්පාර ගොවියෝ
විදේ­ශීය රට­වල ගොවීන් පෝසත් කර­මින් රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීම සීමා කර විදේ­ශීය වත්කම් රැක­ග­නි­මින් ශ්‍රී ලංකාවේ ගොවි ජන­තා­වගේ ආදා­යම ඉහළ 

නැංවීමේ අර­මුණ ඉටු කර ගැනී­මට රජය දරන උත්සා­හ­යට ලබා දෙන සහ­යෝ­ගය නැගෙ­න­හිර පළාත් සභාවේ අම්පාර නියෝජ්‍ය කෘෂි­කර්ම අධ්‍ය­ක්ෂ­ක­ව­රයා විසින් ආරම්භ කර ඇත. කෝටි ගණන් විදේශ විනි­මය වැඩ කර­මින් මෙර­ටට ගෙන්වන කව්පි, මුං ඇට, රට­කජු, බඩ­ඉ­රිගු මෙම ප්‍ර දේශයේ ජන­තාව ලවා නිප­දවා ගැනී­මට නියෝජ්‍ය කෘෂි­කර්ම අධ්‍ය­ක්ෂ­ක­ව­රයා විසින් මූලික පිය­වර ගෙන ඇත. මෙම වැඩ පිළි­වෙල යටතේ ඉදිරි මහ කන්න­යට පසු අත­ර­මැදි කන්නයේ දී වගා කිරීම සඳහා කව්පි බීජ නිෂ්පා­ද­නය කරනු ලැබූ ලාහු­ගල ප්‍රාදේ­ශීය ලේකම් බල ප්‍රදේ­ශයේ ගොවීන් විසින් රු. ලක්ෂ 150කට වැඩි මුද­ලක් උපයා ගෙන ඇත.

ඉගි­නි­යා­ගල සේනා­නා­යක සමු­ද්‍රය ඇතුළු ලොකු කුඩා ජලාශ, මහ­වැලි ජලාශ, ගල්ඔය ගග සහ ඇල දොළ­වල් මගින් දිය­වර ලබ­මින් ලක්ෂ 02ක පමණ භූමි ප්‍රමා­ණය ද යල මහ කන්න දෙක වාරි­මාර්ග පහ­සු­කම් ඇති ප්‍රදේ­ශ­වල ගොවීහු වී වගා කරති. මීට අම­ත­රව තුන්වන කන්නය මුං, කව්පි, බඩ­ඉ­රිගු සහ එළ­වළු වගා­වට යොමු වන ලෙස කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව ගොවීන් යොමු කර ඇතත් එය අසා­ර්ථක මට්ට­මක පවතී. ප්‍රධාන ජලා­ශ­වල ජලය අඩු වැඩි වීම ද තුන්වන කන්නය සාර්ථක වීමට බලපා ඇති හේතු­වක් වෙයි.

කොරෝනා වසං­ග­ත­යට මුහු‍ණ දෙමින් නොයෙක් බාධක මැද රටට අවශ්‍ය කව්පි බීජ කිලෝ 50000ක් නිප­දවා ගැනීමේ කට­යු­තු­ව­ලට අත­ගැ­සුවේ නියෝජ්‍ය කෘෂි­කර්ම අධ්‍ය­ක්ෂක (නැගෙ­න­හිර පළාත්) ඩී.එම්.එස්.බී. දිසා­නා­යක ය. කෘෂි­කර්ම අධ්‍ය­ක්ෂ­ක­ව­ර­යාගේ අනු­ග්‍ර­හය හා සහ­යෝ­ගය පළාත් අධ්‍ය­ක්ෂ­ක­ව­ර­යාට ලැබිණි. නැගෙ­න­හිර පළාත් නියෝජ්‍ය කෘෂි­කර්ම අධ්‍ය­ක්ෂක ඩී.එම්.එස්.බී. දිසා­නා­ය­ක­ගෙන් කළ විම­සී­මක දී ඔහු පැව­සුවේ මෙවැ­න්නකි. ‘‘දැනට වගා කර ඇති කුඹු­රු­වල නියර වගා සඳහා අම්පාර මහ දිසා­ප­ති­තු­මාගේ උප­දෙස් අනුව බණ්ඩක්කා, බුෂිටා, හවරි මෑ, තම්පලා, නිවිති, ග්රෑම් 10 ඇට පැකට් 5000ක් ද සෞභාග්‍යා වැඩ­ස­ට­හන යටතේ මිරිස් මාළු­මි­රිස්, බටු පැළ වර්ග 20000ක් ද ගෙවතු වගාව සදහා නොමිලේ බෙදා දෙනු ලැබුවා.

ලාහු­ගල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ බීජ නිෂ්පා­දන සමිති 03ක් ආරම්භ කර මෙම කට­යුත්ත සඳහා මුල පිරුවා. කාව­න්තිස්ස කව්පි බීජ නිෂ්පා­දන සමි­තියේ සභා­පති කේ.පී. නදුන් සුරේෂ් මෙසේ පව­සයි ‘‘මෙම ප්‍රදේ­ශයේ අපට වගා කිරී­මට ඉඩ­කඩ ඇතත් වතුර නැහැ. යල කන්නයේ දී ගම හරහා මුහු­දට ගලා එන වතුර ලබා ගනි­මින් අති­රේක බෝග වගාව සහ එළ­වළු වගාව මහ කන්නයේ දී පම­ණක් සුළු වශ­යෙන් වී වගාව සිදු කර­නවා. පළාත් කෘෂි­කර්ම අධ්‍ය­ක්ෂක තුමා විසින් කව්පි බීජ නිෂ්පා­දන සමිති ආරම්භ කිරී­මෙන් පසු ගමේ ගොවි­යන් විසින් අක්කර 600ක පමණ භූමි­යක කව්පි වගාව සිදු කරනු ලැබ්වා. සමිති සාමා­ජි­ක­යන් 80ක් 90ක් මෙන්ම ගමේ අනෙ­කුත් අය ද මෙම වගා­වට යොමු වී සිටි­නවා.

ලාහු­ගල ප්‍රා දේශීය ලේකම් සද­රු­වන් අනු­රුද්ධ පිය­දාස පැව­සුවේ මෙවැ­න්නකි. "පළාත් කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ කව්පි බීජ නිප­ද­වීමේ වැඩ­ස­ට­හ­නට අම­ත­රව බුෂිටා බීජ කිලෝ 50000ක් රතු ළූණු, බී ළූණූ නිෂ්පා­දන වැඩ­ස­ට­හ­නක් ආරම්භ කිරී­මට සූදා­නම්ව සිටි­නවා. බුෂිටා බීජ නිප­ද­වී­මට ඉදිරි දින­වල දී කට­යුතු කරන අතර රතු ළූණු සහ බී ළූණූ වගා­වන් ඊළඟ කන්නයේ දි ආරම්භ කිරී­මට කට­යුතු පිළි­යෙල කර­ගෙන යනවා. රජයේ සෞභාග්‍යා වැඩ­ස­ට­හන යටතේ මෙම කට­යුතු ආරම්භ කර රටට අවශ්‍ය අති­රේක ආහාර ද්‍රව්‍ය නිප­දවා ගැනී­මට මෙම ප්‍රදේ­ශ­යෙන් ගොවීන්ට අව­ස්ථාව ඇතැයි අපේ විශ්වා­ස­යයි. වී වගා­වට අවශ්‍ය තරම් ජලය නැතත් අතුරු බෝග වගා­වන් සඳහා ප්‍රයෝ­ජ­න­යට ගැනී­මට තරම් ජල ප්‍රමා­ණ­යක් දැනට ගොවීන් විසින් වතුර පොම්ප යොදා ලබා ගනි­මින් වගා කට­යුතු සිදු කර­නවා.

අම්පාර මහ දිසා­පති ඩී.එම්.එල්. බණ්ඩා­ර­නා­යක අප හා මෙසේ පැව­සීය." ශ්‍රී ලංකාවේ වී අස්වැ­න්නෙන් පහෙන් පංගු­වක් සපයා රටට බත සප­යන අම්පාර දිස්ත්‍රි­ක්කයේ ගොවීන් විසින් රටට අවශ්‍ය මුං, කව්පි, බඩ­ඉ­රිගු, රට­කජු වැනි අති­රේක බෝග නිෂ්පා­ද­නය කිරී­ම­ටද රජයේ උප­දෙස් අනුව අප විසින් කට­යුතු කර­ගෙන යනු ලබ­නවා. මෙම නිෂ්පා­දන විදේ­ශීය රට­ව­ලින් ගෙන ඒමේදී එම රට­ව­ලට ඇදී එන විශාල ධන­ස්ක­න්ද­යක් මෙරට ගොවීන්ට ලබා දීමට සහ ශ්‍රී ලංකාවේ විදේ­ශීය වත්කම් ඉතිරි කර ගැනී­ම­ටත් මේ නිසා හැකි­යාව ලැබෙ­නවා. පාන­ම්ප­ත්තුව තුළ දැනට සිදු කරෙ­ගන යන කව්පි බීජ නිෂ්පා­ද­න­යට අම­ත­රව දැනට මෙම දිස්ත්‍රි­ක්කය තුළ වී වගා කර ඇති කුඹුරු නියර වල අති­රේක බෝග වගාව, කළු­ග­ල්ඔය ජලා­ශ­යට යාබ­දව ඇති වාරි පහ­සු­කම් නැති ඉඩම් සඳහා යොදා ගැනීම ගොවි කණ්ඩා­යම් 30 ක් සම්බන්ධ කර සමූහ ගොවි­ප­ළක් වශ­යෙන් අති­රේක බෝග වගා­වක් සිදු කිරී­ම­ටත් ගල්ඔය වැවිලි සමා­ගමේ අලු­තින් උක් වගා කරන ඉඩම් වල පර­ත­රය තුළ අති­රේක බෝග වගා කිරී­මට ද කට­යුතු කර ඇත.

දැනට වී වගා­වන් සිදු කර ඇති යල කන්නයේ අව­සා­නයේ දී මහ කන්නය ආරම්භ කරන අත­ර­තුර කාල සීමාවේ දී කුඹුරු වල මුං වගා කිරීම සඳහා දැනට කට­යුතු සූදා­නම් කර සිටි­නවා. නිෂ්පා­ද­නය කරනු ලබන ධාන්‍ය ගබඩා කිරීම සදහා ගබඩා පහ­සු­කම් සහ ඒවා යොදා­ගෙන කර්මාන්ත ආරම්භ කිරීමේ අව­ශ්‍ය­තාව පව­ති­නවා. ධාන්‍ය ගබඩා කිරීම සඳහා ගබ­ඩා­වක් ඉදි කර දීමට ආධාර දෙන විදේ­ශීය කණ්ඩා­ය­මක් සූදා­නම්ව සිටි­නවා. මේ අතර තුර ආයෝ­ජ­ක­යකු මගින් ධාන්‍ය පිටි­කර නිෂ්පා­ද­න­යක් ආරම්භ කිරී­මට කර්මාන්ත ශාලා­වක් ආරම්භ කිරී­මට සූදා­නම් කර තිබෙ­නවා. නිෂ්පා­ද­නය කරනු ලබන අති­රේක ‍බෝග අලෙවි කර ගැනී­මට සිදු වන අප­හ­සුතා වළ­වක්වා ගොවීන් තව තවත් අති­රේක බෝග වගා­ව­ලට උනන්දු කර­වී­මට හැකි­යාව මේ නිසා ලැබෙ­නවා යැයිද මහ දිසා­ප­ති­ව­රයා වැඩි දුර­ටත් පැව­සීය.

රටට අවශ්‍ය කව්පි බීජ කිලෝ 50,000ක් නිප­දවා ගැනීම වැඩ­ස­ට­හනේ බලා­පො­රො­ත්තු­වයි

පිය­සේන වතු­දුර
දිගා­ම­ඩුල්ල සංචා­රක

No comments:

Post a Comment