ගාල්ල හබරාදුව ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු සොයාගෙන තිබෙනවා. ඔහු ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක්. ඔහු කොරෝනා ආසාදිතයෙක් යැයි තහවුරු වීමත් සමඟ ඔහුව IDH රෝහ
ල වෙත යැවීමට පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර සිටිනවා. 35 හැවිරිදි මෙම උපදේශකවරයා තම මව සහ බිරිඳ සමඟ නිවසේ ජීවත්ව ඇති බවත් ඔවුන් ද මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් වාර්තා වනවා.
එම උපදේශකවරයාගේ බිරිඳ ගෝනාපිනුවල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් වන අතර ඇය ද පාසැල් රාජකාරි සඳහා දින දෙකක් පාසැල් ගොස් තිබෙනවා. මේ හේතුව නිසා ඇයගේ සමීපතම ආශ්‍රිතයින් වූ ගුරුවරුන් සහ ළමුන් 25 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර ඇයගේ වාර්තාව නුදුරු දිනයේ දී ලැබෙනු ඇති.
එසේම එම උපදේශකවරයාගේ නිවසට යාබද නිවෙස්වල පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

No comments:
Post a Comment